Home / Featured / බැදුම්කර බෑණා තවම මහ බැංකුව හා ගණුදෙනුවේ …දැන් සියල්ල සුද්දයි …අදත් බිල්පත් නිකුතුවක්

බැදුම්කර බෑණා තවම මහ බැංකුව හා ගණුදෙනුවේ …දැන් සියල්ල සුද්දයි …අදත් බිල්පත් නිකුතුවක්

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වන විට රට තුළ දැඩි කතාබහක් මතුව ඇති අතරම , ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණ නුවන් වන අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගම මේ වන විටත් මහ බැංකුවේ ප්‍රාථමික බැඳුම්කර අලෙවි ලැයිස්තුවෙන් ඉවත් කර නොමැත .

2017 මාර්තු 15 එනම් අද දිනයේදී රුපියල් දස ලක්ෂ 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්සිය සඳහාද පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගම ඇතුළත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහ බැංකුව පළ කළ පුවත්පත් දැන්වීම පහතින් පළ වේ.

පසුගිය කාලය පූරාටම බැදුම්කර වංචාවේ අභ්‍යන්තර විගණන වාර්තා රැසක් හෙළි කල ,දුෂණ විරෝධි සංවිධාන විසින් ආණ්ඩුවට එක හෙලාම කියා සිටියේ , වහාම පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මහ බැංකුවේ ප්‍රාථමික බැඳුම්කරන අලෙවි ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසටයි.

නමුත් ඒ අණ නොතකා මේ වන විටත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ආණ්ඩුවේ අනුදැනුම මත මහ බැංකුව හා සම්බන්ධව කටයුතු කරමින් සිටී.

බැඳුම්කර වෙන්දේසියේදී ප්‍රාථමික අලෙවි කරුවෙකු ලෙස කටයුතු කළ මහෙන්ද්‍රන්ගේ බෑණනුවන්ගේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට වාසිවන ආකාරයට ඔහු කටයුතු කර ඇති බවට සනාත වී තිබේ.මේ අතර එම බැඳුම්කර වෙන්දේසියෙන් පසු අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමගමේ ලාභය ඊට පෙර පැවති ලාභයට වඩා 500%කට ආසන්න ගුණයකින් වැඩි වී තිබෙනු දක්නට ලැබිණ.

එමෙන්ම මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් අර්ජුන් ඇලෝසියස්ට බැඳුම්කර මිලදී ගැනීමට මහ බැංකු මුදලින් රුපියල් මිලියන 31,000ක් ලබාදී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තා මඟින් තහවුරු කර ඇත.
Perpetual Treasuries Limited

Check Also

අගමැති කමේ කිසිදු වෙනසක් නෑ…අගමැති ඉවත් කිරිමට කිසිදු උත්සහයක් ගන්නේ නෑ…

අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ කිසිදු අදහසක් ...