ඊළාම් ඩයස්පෝරාවේ කැළඹීමක් LTTE මිනීමරු සංවිධානයක් …කොටි අපරාධ ගැන අනාවරණයක් !

0

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකර නැති බව දැක්‌වෙන පිටු 200 කින් සමන්විත විමර්ශන වාර්තාවක්‌ රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.මේ ආකාරයේ වාර්තාවක් මීට පෙර , මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් වී නැත.මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රි ලංකාවට එල්ල කරන යුද අපරාධ චෝදනාවලට පිළිතුරු එහි ඇතුළත් වී ඇත. රියර් අද්මිරාල් වීරසේකර ලබන 17 වනදා ජිනීවා සමුළුව ඇමතීමට නියමිතයි.

අදාළ වාර්තාවේ කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ 340 කට අදාළ තොරතුරු එහි ඇතුළත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වාර්තාව රාජ්‍ය නොවන සංවිධාන වලට අභියෝගයකී.

ශ්‍රි ලංකා හමුදාව විසින් යුධ අපරාධ සිදුකල බව පවසමින් රාජ්‍ය නොවන සංවිධාන 60 කට අධික සංඛ්‍යාවක් සාවද්‍ය තොරතුරු ජිනීවා වෙත ලබාදී තිබෙනවා.ඒ සදහා ඊළාම් ඩයස්පෝරාවේද සහයෝගය ලබාදී ඇත.

සරත් වීරසේකර විසින් සකස් කර ඇති මෙම වාර්තාව හරහා කොටින්ගේ බිහිසුණු අපරාධ රැසක් හෙළි කර තිබෙනවා.

කොටුව මහ බැංකු බෝම්බය ,නුගේගොඩ ,පිළියන්දල ,ගල්කිස්ස ,වැලිවේරිය ,රාජගිරිය ,මරදාන ,දෙහිවල ඇතුළු ස්ථාන රැසකම බෝම්බ පිපිරීම මේ දක්වා නිහඩව තිබූ දරුනු අපරාධයන් වන අතරම , ඒ සම්බන්ධයෙන් සියළු තොරතුරු අදාළ වාර්තාවෙන් , දක්වා ඇතැයි දැන ගන්නට ලැබෙනවා.

මේ අතර මගී ගුවන් යානා වලට මෙන්ම හමුදා ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධ බිහිසුණු ක්‍රියා සම්බන්ධයෙන්ද කරුණු වාර්තා කර ඇත.

ඊළාම් ඩයස්පෝරාවට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට , අවශ්‍යව ඇත්තේ ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කල බවට හංවඩු ගසමින් , ඒ අය ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට ලක් කර ඔවුන්ට දඩුවම් ලබා දීමයි .නමුත් ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ හෙළි කිරීම ඊළාම් ඩයස්පෝරාව තුළ කැළඹීමක් ඇති කිරීමට බලපා තිබෙනවා.