Home / Featured / “ඇවන්ගාඩ් “අගය දැන් දැන් තෙරේ ..දැන් සතුටුද ? හැකිනම් සෝමාලියා කොල්ලකරුවන්ගෙන් ලාංකිකයන් බේරා ගනු !

“ඇවන්ගාඩ් “අගය දැන් දැන් තෙරේ ..දැන් සතුටුද ? හැකිනම් සෝමාලියා කොල්ලකරුවන්ගෙන් ලාංකිකයන් බේරා ගනු !

සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගත් නෞකාවේ සිටින ශ‍්‍රී ලාංකිකයන් බේරා දෙන ලෙස ආණ්ඩුව ලිඛිත ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ඒ සදහා මැදිහත් වන බව ඇවන්ගාඞ් මුහුදු ආරක්‍ෂන සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති පවසනවා.එදා ඇවන්ගාඞ් සමාගමට අවලාද නැගූ ඕනෑම චන්ඩියෙකුට හැකි නම් අද ගොස් එම නෞකාව හා ශ‍්‍රී ලාංකිකයන් බේරාගන්නා ලෙසද ඔහු අභියෝග කරයි.

“සෝමාලියන්ලා වැඩිම කාලයක් තුළ නැව් පැහැර ගත්ත කාලයේදී තමයි අපි ඇවන්ගාඩ් හැදුවේ. එහෙම වැඩපිළිවෙලක් තියපු එකම රට තමා ශ්‍රි ලංකාව.ලෝකයේ කිසිම රටක් මෙහෙම දෙයක් කලේ නෑ .අපේ වීරෝධාර රණවිරුවන් 650 ක් නැව් 158 ක ඒක කලාම ඔය සෝමාලියානු කොල්ලකෑම් නැත්තටම නැති වුණා.2013,2014,2015 වෙනකම් එකෙක් ආවේ නෑ .නමුත් අපිට අපකීර්තියක් කරලා ,අපි හොරු ,අපරාධ කාරයන් කියලා අපිව හංවඩු ගැහුවාට පස්සේ ,මිනිස්සු අපිට ව්‍යාපාර දෙන එකත් අඩු වෙලා .

අපේ රණවිරුවන්ට ඔය සෝමාලියානු කොල්ලකරුවන් එක්ක සටන් කරන්නත් වුණා .නමුත් අපේ ඉන්න දක්ෂ රණවිරුවෝ නිසා ඒ අයත් ඒක කලේ නෑ .අපිට මේ කරපු නින්දාව නිසා අපේ ව්‍යාපාර කටයුතු ඇණ හිටියා.නමුත් අදටත් අපිට බෝට්ටු 30,40 ක් තියනවා .ඒවල රනවිරුවෝ ඉන්නවා .අපේ අය දැන් මේ මෙහෙයුමේ නෑ කියලා සෝමාලියන් කොල්ලකරුවෝ හිතලා තමා දැන් මේක කලේ.අද අපිට මේක කරගෙන යන්න දුන්නා නම් අද මේක වෙන්නේ නෑ .

නැවක් මුහුදු කොල්ලකරුවන් පැහැර ගත්තාට පස්සේ ඒක බේර ගන්න අපි වෙනම අධ්‍යනයක් කළා.ඒක රහසිගත මෙහෙයුමක් .මම අද කියනවා පුලුවන්නම් අද මේ කෑ ගහන ඇමතිලාට පුලුවන්නම් ගිහින් පැහැර ගත්ත නැව බේර ගන්න කියලා.හැබැයි මම ශ්‍රි ලාංකිකයෙක් .ඒ නිසා මම උදව් කරන්න සූදානම් .හැබැයි ඒකටත් මේ ආණ්ඩුව මොණවා කියයිද දන්නෑ .ඒ නිසා රජය මගෙන් ලිඛිත ඉල්ලීමක් කලොත් මම උදව් කරන්න උත්සහ කරනවා .හැබැයි ඔය ඔක්කොම කෑ ගහපු අයියලාට මම කියනවා නාවික හමුදාපති එක්ක ගිහින් මේ නැව බේර ගන්න කියලා .අපේ රණවිරුවෝ දැනටත් ඉන්නවා තවමත් සෝමාලියානු මුහුදේ . “

මේ අතර සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් බව කියන ශී‍්‍ර ලංකාවේ ධඡය සහිත ඉන්ධන ප‍්‍රවාහන නෞකාව පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීම සදහා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

යුරෝපා සංගමයේ නාවික බලකායද මෙහෙයුම සදහා එක්ව සිටින එක් පාර්ශවයක්. තොරතුරු ලබාගැනීම සදහා ඔවුන් නෞකාව යාත‍්‍රා කළ බව කියන මුහුදු ප‍්‍රදේශයට ගුවන් යානයක්ද පිටත්කර හැර තිබුණා. වේග ප‍්‍රහාරක යාත‍්‍රා දෙකක් තමන් ලූහුබදිමින් සිටින බවට ප‍්‍රංශයේ පිහිටි සමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධිකාරක මධ්‍යස්ථානයට පණිවිඩයක් ලැබී තිබෙනවා.

එහෙත් ඉන් පසුව නෞකාව සමග පවතින සන්නිවේදන සබදතා ඇණහිට ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. නෞකාව පැහැරගත් බව කියන කණ්ඩායම ගිනිඅවි සහිතව සිට ඇති බවටයි දැනට වාර්තා වී ඇත්තේ. දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පැහැර ගැනීමට ලක් වූ නෞකාව සෝමාලියාවේ අලූලා නගරය ආසන්නයේ ඇති බවටයි වාර්තා පළ වන්නේ.එම නගරයේ දිස්ති‍්‍රක් කොමසාරිස් අලි ෂයර් මොහොමඞ් ඔස්මාන් විදෙස් මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ මෙම පිරිස ධීවරයින්ද නැතහොත් කොල්ලකරුවන් දැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බවයි.

Check Also

අගමැති කමේ කිසිදු වෙනසක් නෑ…අගමැති ඉවත් කිරිමට කිසිදු උත්සහයක් ගන්නේ නෑ…

අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ කිසිදු අදහසක් ...