Home / Featured / සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ කප්පම් ඉල්ලයි…සේවකයන් කාමරයකට දමා සන්නිවේදන පද්ධති ක්‍රියා විරහිත කරයි

සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ කප්පම් ඉල්ලයි…සේවකයන් කාමරයකට දමා සන්නිවේදන පද්ධති ක්‍රියා විරහිත කරයි

ශ්‍රී ලාංකීය සේවක පිරිසක් සමඟින් Aris 13 භාණ්ඩ ප්‍රවාහන නෞකාව පැහැරගත් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් අදාල යාත්‍රාව සමඟ සේවක පිරිස නිදහස් කිරීමට කප්පමක් ඉල්ලීමට සුදානම් වන බව යුරෝපා සංගමයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් ඒකකය සදහන් කල බව විදේශ් මාධ්‍ය අනාවරණය කරනවා.

යුරෝපා සංගමයේ මුහුදු කොල්ලකෑම් විරෝධී මෙහෙයුම් ඒකකය මඟින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ සිය මෙහෙයුම් කණ්ඩායම නෞකාවේ කපිතාන් වරයා සමඟ සම්බන්දතාවයක් ගොඩ නගා ගත් බවත් අදාල නෞකාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුවී ඇති බවත් පිරිස නිදහස් කිරීමට කප්පම් ඉල්ලීමට සුදානමක් ඇති බවත්ය.

මේ අතර කොල්ලකරුවන් සේවකයන් සියල්ලන්ම එක කාමරයකට දමා දොරගුළු ලා නෞකාවේ සියලුම සන්නිවේදන පද්ධති ක්‍රියා විරහිත කර ඇත.

මේ අතර ලංකාවේ ධජය සහිතව සෝමාලියානු කොල්ලකරුවන් අතට පත් වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබදව අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බවත් මූළික විමසීම් වලින් කරුණු හෙළිවන පරිදි එම නෞකාව ශ්‍රි ලංකාවේ ලියාපදිංචි වී නොමැති වුවත් එහි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු සේවය කළ බවට වාර්තා වන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ නෞකාවේ ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීම සඳහා නාවුක නියෝජිතායතන, අදාළ බලධාරීන් මෙන්ම අදාළ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකික දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් සිද්ධිය පිළිබඳව වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට අමාත්‍යාංශය පියවර ගනිමින් සිටින බවයි.

එබැවින්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු තහවුරු කරගත් වහාම එම තොරතුරු එම නෞකාවේ සේවක පිරිසේ ආරක්ෂාවට අගතියක් සිදු නොවන අයුරින් වාර්තා කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වන බව අදාළ නිවේදනය වැඩිදුරටත් පවසා සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කල නිවේදනය 

Armed men are demanding a ransom for the release of an oil tanker they have seized off the coast of Somalia and the crew is being held captive, the European Union anti-piracy operation in the region announced late on Tuesday.

An EU naval force statement said the operation had finally made contact with the ship’s master, who confirmed that armed men were onboard the Comoros-flagged tanker Aris 13.

Monday’s hijacking was the first such seizure of a large commercial vessel off Somalia since 2012. It came as a surprise to the global shipping industry as patrols by the navies of Nato countries, as well as China, India and Iran, had suppressed Somali pirate hijackings for several years.

However, the United Nations warned in October that the situation was fragile and that Somali pirates “possess the intent and capability to resume attacks”. One expert said some in the region had let down their guard as the situation calmed. Nato ended its anti-piracy mission off Somalia in December.

A Somali pirate who said he was in touch with the armed men onboard the tanker said the amount of ransom to demand had not yet been decided.Bile Hussein told the Associated Press that the armed men have locked most of crew in one room and cut off communication lines. “Their main concern now is a possible rescue attempt, so that’s why all communications were cut off in the afternoon,” he said.

The Aris 13, manned by eight Sri Lankan sailors, was carrying fuel from Djibouti to Somalia’s capital, Mogadishu, when it was approached by men in two skiffs, said John Steed of Oceans Beyond Piracy. The EU statement says the ship’s master issued a mayday alert.An official in Somalia’s semiautonomous state of Puntland said over two dozen men boarded the ship off the country’s northern coast, an area known to be used by weapons smugglers and members of the al-Qaida-linked extremist group al-Shabaab.

The official spoke on condition of anonymity because they were not authorised to speak to journalists.
The ship was anchored on Tuesday off the town of Alula, said Salad Nur, a local elder. “The ship is on the coast now and more armed men boarded the ship,” he told the AP by phone.

An official based in the Middle East with knowledge of the incident told the AP that the vessel’s captain reported to the company it had been approached by two skiffs and that one had armed personnel on board. “The ship changed course quite soon after that report and is now anchored.” The official also spoke on condition of anonymity.

The EU naval force said it had passed information to the ship’s owners and an investigation was under way.

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...