Home / Featured / බ්‍රයන් සැඩික් අතේ පත්තු වෙන බොරු කියලා….එදා රෝද පුටුවෙන් ආව බ්‍රයන් අද ලොවෙත් නෑ
BrayaN_SINHALA_NEWSALERT

බ්‍රයන් සැඩික් අතේ පත්තු වෙන බොරු කියලා….එදා රෝද පුටුවෙන් ආව බ්‍රයන් අද ලොවෙත් නෑ


නීතිඥ උදය ගම්න්පිල මහතා ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදා ගනිමින් තමාට අයත් ව්‍යාපාර කොටස් අලෙවියකට හවුල් වී ඇති බවට බ්‍රයන් ජෝන් සැඩික් විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් වු නඩු විභාගයක් අද කොළඹ මහාධිකරණය හමුවේ පැවැති අතර එහිදි ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් සැඩික් විසින් පවරා තිබු නඩුවට පෙනී සිටිමෙන් අනතුරුව නීතිඥ උදය ගම්මන්පිල මාධ්‍ය වෙත දැක්වූ අදහස්.

“පසුගිය නඩු දිනයේ බ්‍රයන් සැඩික් ඔස්ට්‍රේලියානු උසාවියටත් බොරු කියලා තියෙනවා. ලංකාවේ උසාවියෙත් කියන්නේ බොරු. මේක බොරු පැමිණිල්ලක්ය කියන එක අපේ නීතිඥවරු ඉතා පැහැදිලිව උසාවිය ඉදිරියේ දී පෙන්නුම් කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට වෙන්න ඔනේ එදා රෝද පුටුවෙන් ආව බ්‍රයන් සැඩික් අද ආවේ නැ විතරක් නෙවෙයි පුදුම හදිස්සියක් තිබුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලගු නඩු විභාගයක්වත් පවත් වන්නේ නැතුව සධාරණය ඉටුකල යුතුයි කියලා මහ අධිකරණය නඩු ගොනු කලත් අන්තිමට දින ලබා ගත්තේ සැප්තැම්බර් මාසේ 18,20,22 කියන දින. ඒකෙන් පේනවා නඩුව මුලින් අහන්න තිබ්බ වුවමනාව දැන් මේ අයට නැතිවෙලා ගිහිල්ලා කියලා. “

“අපි බලාපෙරොත්තු වෙනවා සැප්තැම්බර් මාසේ 18,20,22 ලංකාවට ඇවිල්ලා ඔවුන් කළේ බොරුවක් කියන එක අධිකරණය ලවා තින්දුවකින් කියවා ගන්න මට අවස්ථාව ලබාදේවී කියලා.”

මේ අතර උදය ගම්මන්පිලට එරෙහිව විභාග වන නඩුවේ දී තමන් අධිකරණය හමුවේ කරන ලද ඇතැම් ප්‍රකාශ සත්‍යයෙන් තොර බවත්, තම බිරිඳගේ අත්සන හොරට යෙදීම සම්බන්ධයෙන් තමාට එරෙහිව ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බව ද තමා පිළිගන්නා බවත් ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ජෝන් සැඩික් පෙරේදා (14) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

නීතිඥ උදය ගම්න්පිල ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් යොදා ගනිමින් තමාට අයත් ව්‍යාපාර කොටස් අලෙවියකට හවුල් වී ඇති බවට බ්‍රයන් ජෝන් සැඩික් විසින් කරන ලද චෝදනාවක් විභාග කිරීම සඳහා පැවැති මහාධිකරණ නඩු විභාගයේ දී ඔහු ඉහත ප්‍රකාශය කළේ ගම්මන්පිල මහතා වෙනුවෙන් නැගුණු හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.එම හරස් ප්‍රශ්න නගන ලද්දේ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසිනි.

සිඩ්නි ජයසිංහ නමැති අයකු සමග මම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල යෙදුණා. උදය ගම්මන්පිල මහතා ඔහුගේ ළඟ සේවයේ යෙදුණු ඔහුගේම හිතවතෙක්.

සිඩ්නි ජයසිංහ මහතාගේ යෝජනාවක් අනුව පෑන් ඒෂයා බැංකුවේ කොටස් සඳහා මා මුදල් ආයෝජනය කළා. එසේ මුදල් යෙදවූයේ ‘ඩිජිටල් නොමිනී සමාගම’ යන නාමයෙන්.

මා ඔස්ට්‍රේලියාවට ගොස් සිටිය දී දැනගන්නට ලැබුණා එම කොටස් සිඩ්නි ජයසිංහ විසින් විකුණා දමා ඇති බව. මේ ගැන සොයා බලද්දී දැනගන්නට ලැබුණා එය සිදුකර ඇත්තේ වෙනත් කටයුත්තක් සඳහා මා වෙනුවෙන් කටයුතු කිරීමට මා විසින් ඇටෝර්නි බලපත්‍රයක් මගින් බලය ලබාදුන් නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ සහායෙන් බව.

ඒ ගැන වැඩිදුරටත් සොයා බලද්දී මට උදය ගම්මන්පිල මහතා කිව්වා “ඉක්මනින් ලංකාවෙන් පිටවී යන්න. ඔබව මරා දැමීමට සිඩ්නිගේ බාල පුතා මුදිත ජයසිංහ සැලසුම් කරනවා.” කියලා. ඒ නිසා මා ලංකාවෙන් පිටවී ගොස් නිහඬව සිටියා.

මේ අවස්ථාවේ දී ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළේය.

ප්‍ර- ඔබ අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා මුදිත ජයසිංහගේ මරණ තර්ජනය නිසා ලංකාවෙන් පිටව ගොස් මෙහි නොපැමිණ සිටියාය කියා?
පි- ඔව්. මා කියා සිටියා.

ප්‍ර- ඔබ මහා බොරුකාරයෙක්, ඔබ කියන තරමක් කියන්නේ බොරු?
පි- නැහැ. මම කියන්නේ සත්‍යය. මම බොරු කීවේ නැහැ.

ප්‍ර- හොඳයි. 1996 දී පැවැති මුදිතගේ විවාහ මංගල උත්සවයට ඔබ ඔස්ට්‍රේලියාවේ සිට පැමිණියේ නැද්ද?
පි- පැමිණියා.

ප්‍ර- ඔබව මරා දැමීමට සැලසුම් කරමින් සිටි මුදිතට ඔබ රුපියල් 5000ක් ද දුන්නා නේද?
(සාක්ෂිකරු පිළිතුරු නොදී නිහඬව සිටියි)

ප්‍ර- ලංකාවට නෑවිත් සිටියාය කියලා නේද ඔබ අධිකරණය හමුවේ කියා සිටියේ?
පි- ඔව්.

ප්‍ර- 1996, 1997, 1998 යන වර්ෂයන්හි දී ඔබ දිගටම ලංකාවට පැමිණ තිබෙනවා?
පි- නැහැ. මම ආවේ නැහැ. මගේ පාස්‍පෝට් එක බලන්න.
(එසේ කියමින් ඔහු තම ගමන් බලපත ඉදිරිපත් කරයි.)

ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා
ඔබ මෙතැන බබෙක් වෙන්න හදන්න එපා. අධිකරණය මුළා කරන්න හදන්නත් එපා. ඔබ ඔය ඉදිරිපත් කළ පාස්‍පෝට් එකට අමතරව ඇති අනෙක් පාස්‍පෝට් එකකින් තමයි ඔබ ඇවිත් තිබෙන්නේ. ඔබට ඔස්ට්‍රේලියාවෙන් සහ බ්‍රිතාන්‍යයෙන් නිකුත් කළ පාස්‍පෝට් දෙකක් තිබෙනවා.

(සාක්ෂිකරු නිරුත්තරව සිටී)
මේ අවස්ථාවේ දී ජනාධිපති නීතිඥවරයා ජූලියස් සහ ක්‍රීසි සමාගම්ශාලාවේ දී පැවැති සාක්ෂිකරුට අයත් කලම්බු මෙට්ල් රිසයික්ලින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් 03ක සටහන් පත්‍ර ඉදිරිපත් කරමින් ප්‍රශ්න කරයි.

1996ත්, 1997, 1998ත් පැවැති මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට ඔබ සහභාගි වුණේ කොහොමද ලංකාවට ආවේ නැත්නම්?
(සාක්ෂිකරු නිරුත්තරව බලා සිටී.)

මෙහි දී තමන් සතුව ඇති සියලුම රටවල ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියම කළ අතර සාක්ෂිකරු ඒවා ඉදිරිපත් කරන බවට සපත විය.

මේ අවස්ථාවේ ජනාධිපති නීතිඥවරයා බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තමාට එරෙහිව නඩුවක් තිබෙනවා නොවේදැයි නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඒ බැව් පිළිගනියි.

ප්‍ර- එම නඩුව තිබෙන්නේ ‘වංචාකාරී ක්‍රියාවක්’ සම්බන්ධයෙන් නේද?
පි- ඔව්.

ප්‍ර- තමන් තමාගේ බිරිඳගේ අත්සන හොරට යොදා කරන ලද බරපතළ වංචාවක් සම්බන්ධයෙන් නේද එම නඩුව පවරා ඇත්තේ?
පි- ඔව්.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *