Home / Featured / ජනපති කොලේ වහලා රටම අන්දලා …ඩයස්පෝරාව ඇතුළු ත්‍රස්ත සංවිධාන 11 ක තහනම ඉවතට …

ජනපති කොලේ වහලා රටම අන්දලා …ඩයස්පෝරාව ඇතුළු ත්‍රස්ත සංවිධාන 11 ක තහනම ඉවතට …

වත්මන් ආණ්ඩුව ජනතාව මුළා කරමින් බටහිර රාජ්‍යන්වලට රටේ ඒකිය භාවයට , ස්වෛරීත්වයට බලපෑම් කිරීම සදහා ඉඩ ප්‍රස්ථාව ලබාදී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල චෝදනා කරනවා .මේ අතර රට තුළ තහනම් කර තිබූ සංවිධාන 11 ක තහනම ජනාධිපතිවරයා ඉවත් කලේද ඒ අධිරාජ්‍යවාදීන්ගේ ඕනෑ එපාකම් මත බවටද ඔහු චෝදනා කළා.

අද (17) බත්තරමුල්ල නෙළුම් මාවතේ ,ශ්‍රි ලංකා පොදු ජන පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

මහවිරු දිනය රජයේ අනුග්‍රහයෙන් සමරන්න අනුග්‍රහය දෙන්න කියලා හූසෙන් කුමාරයා කියනවා .වත්මන් ආණ්ඩුව එය එලෙස සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු රජයට ස්තූති කරනවා .එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නිකුත් කල නවතම වාර්තාවේ මේ ගැන පැහැදිලිවම සදහන් වෙනවා .හැබැයි උතුරේ මහ විරුවන් සමරනකොට මේ රජය මොකක්ද කියන්නේ ? ඒක අපි නෙමේ කරන්නේ .ඒක ඒ අය තමා කරන්නේ කියලා .එහෙනම් මේ අය මොකක්ද මේ කරන්නේ මුළු රටම මුළා කරලා .

ටැමිල් ඩයස්පෝරාව , මේ රටේ තහනම් කල සංවිධාන 11 ක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තහනම ඉවත් කළා .එතකොට කියනවා මම කල්පනා කරලා තමා මේ තහනම ඉවත් කලේ කියලා .නෑ නෑ ඒක නෙමේ ඇත්ත කතාව .මේ හූසෙන් කුමාරයා UN වාර්තාවෙන් මේ ඉල්ලීම ඉටු කිරීම සම්බන්ධයෙන් ස්තූතිය පුද කරලා තියෙනවා.

ඊළගට තියෙනවා අගමැතිවරයා උතුරේ පුස්තකාලය ගිනි තැබීම ගැන පාර්ලිමේන්තුවේ කණගාටුව ප්‍රකාශ කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා කියලා .ඒකේ පැහැදිලිව කියනවා අගමැතිවරයා එසේ ප්‍රකාශ කිරීම ගැන ආඩම්බර වෙනවා කියලා .උතුරේ පුස්තකාලය කියන්නේ මේ රටේ ජාතික වස්තුවක්.එතකොට උතුරේ ජනතාවට විතරක් නෙමේ මේක තියෙන්නේ .අගමැති මේ ගැන උතුරේ ජනතාවට කණගාටුව ප්‍රකාශ කරනවා නම් ,අනිත් පැත්තෙන් කොළඹ තියන පුස්තකාලයට කාටවත් යන්න බෑ . එහෙනම් මේ ජනතාව වෙන් වෙන් කරන්නේ කවුද මේ රටේ අගමැතිවරයා.

මේ හූසෙන් කුමාරයා එකම එක දෙයයි කියන්නේ අපේ රටේ ස්වෛරීත්වයට ,ඒකිය භාවයට ඔවුන් දැඩි ලෙස බලපෑම් කරනවා කියලා .එහෙනම් මේක වෙනස් කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ වගකීමක්.

Check Also

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව ...