Home / Featured / “හොද හොද සෙල්ලං එළි වෙන ජාමේට” අර්ජුන්ගේ තවත් කෙරුවාවක් ගැන තොරතුරු
ARJUN_LNA_17_03_2016

“හොද හොද සෙල්ලං එළි වෙන ජාමේට” අර්ජුන්ගේ තවත් කෙරුවාවක් ගැන තොරතුරු


මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්වීමත් සමගින් එම වර්ෂය තුළදී පමණක් ,මහ බැංකු නිලධාරීන් හා අංශ ප‍්‍රධානීන් 500 කට වඩා වැඩි පිරිසක් මාරූ කල බව , ශ‍්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලයේ ලේකම් එච්.ඒ.කරුණාරත්න පවසනවා.ඊයේ (16) බැදුම්කර කොමිසම හමුවේ සාක්කි දෙමින් ඔහු මේ බව පවසා ඇත.මේ තත්වය නිසා මහා බැංකු නිලධාරීන් දැඩි නොසන්සුන් තාවයකට පත් වු බවත් ඉන් පසු අංශ ප‍්‍රධානීන් හා නිලධාරීන් කණ්ඩායම් වශයෙන් ගොස් අර්ජුන් මහේන්ද්‍රන් හමුවී සාකච්ඡා කල බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.මහා පරිමාණයෙන් සිදු කළ අභ්‍යන්තර මාරුවීම් නිසා මුළු මහබැංකුවම හෙල්ලුම් කෑ බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

එසේ මාරුවීම ලැබුණු අය අතර මහ බැංකුවේ ප්‍රධාන දෙපාර්තමේන්තු 04 ක ප්‍රධානීන් වූ බවත් වග විභාගයකින් තොරව සිදුකළ එම ක්‍රියාවට මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බලවත් නොසතුට හා කණස්‌සල්ල පළ කළ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිලධාරීන් කණ්‌ඩායම් දෙකක්‌ මහ බැංකුවේ අධිපති හමුවේ කරුණු පැහැදිලි කර දුන් බවත් කරුණාරත්න බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා ඇත . මීට පෙර මාරුවීම් කළේ නියෝජ්‍ය අධිපතිවරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අදහස්‌ විමසීමෙන් බව මහ බැංකු අධිපතිවරයා හමුවීමට ඔහුගේ නිල නිවහනට ගොස්‌ තමා ඇතුළු නිලධාරීන් තිදෙනකු විසින් පෙන්වා දුන් විට ඉදිරියේදී එසේ කරන බවට ඔහු පොරොන්දු වූ නමුත් ඒ ආකාරයට කටයුතු සිදු නොවූ බව ද මූල්‍ය මණ්‌ඩලයේ ලේකම්වරයා පවසා ඇත.

මහ බැංකුවේ අධිපතිවරුන් වූ සුනිල් මැන්ඩිස්‌, අජිත් නිවාඩ් කබ්රාල් හා අර්ජුන මහේන්ද්‍රන් සහ තිදෙනා යටතේම තමා සේවය කර ඇති බවත් මහෙන්ද්‍රන්ගේ කාලයේ මෙන් මහා පරිමාණයෙන් අභ්‍යන්තර මාරු කිරීම් අනිත් දෙදෙනා යටතේ සිදුවුවේ නැති බවත් ඔහු පවසා ඇත.

වර්ෂයක සාමාන්‍යයෙන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් 5 කට, 6 කට වැඩි පිරිසක්‌ හෝ සාමාන්‍ය කාර්ය මණ්‌ඩලය 195 කට වඩා මාරුකර නැති බවත් පැවසූ කරුණාරත්න අභ්‍යන්තර මාරුවීම් සිදුකළ යුත්තේ සාධාරණ ක්‍රමයකට දෙපාර්තමේන්තුවල වැඩ අවුල්නොවන ආකාරයට බවත් සිදුකළ මාරුකිරීම් වැඩිහරියකින් මහා බැංකුවට සෙතක්‌ නොවූ බවත් පැවසුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන අයගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කෙරේ. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *