කන්ට්‍රේනර් රථය ගිය අමුතුම ගමන – දුමිරිය ස්ථානයට පිවිසෙන මාර්ගයත් වැසේ CCTV

0

තලවාකැලේ ආගරපතනේ සිට කොළඹ දක්වා ධාවනය වු කන්ට්‍රෙනර් රථයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල දියගල ප‍්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්විමෙන් එම කන්ට්‍රේනර් රථයේ රියදුරා තුවාල ලබා වටවල රෝහලට ඇතුලත් කර ඇති බව වටවල පොලිසිය පවසනවා. අද (17.03) පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවත් මාර්ගයෙන් ඉවතට පැන ඇති කන්ෙටිනර් රථය වටවල දුමිරිය ස්ථානයට පිවිසෙන ප‍්‍රධාන මාර්ගයට පෙරලිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සමිපුර්ණයෙන්ම ඇණහිට තිබෙනවා.

සිසිල් බිම ප‍්‍රවහානය කර ඇති මෙම කන්ට්‍රේනර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන වටවල පොලිසිය පවසන්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ

කන්ට්‍රේනර් රථය ගිය අමුතුම ගමන – දුමිරිය… by LNA

LORRY (1) LORRY (2) LORRY (3) LORRY (4) LORRY (5)