Home / Featured / ලාභයි …ලාභයි …රටම ලාභයි …2017 තුළ රාජ්‍ය ආයතන 50 ක් ගෙඩිය පිටින් විකුණා දමන්න යයි

ලාභයි …ලාභයි …රටම ලාභයි …2017 තුළ රාජ්‍ය ආයතන 50 ක් ගෙඩිය පිටින් විකුණා දමන්න යයි

2017 අයවැය හරහා රාජ්‍ය ආයතන 50 ක් විකුණා දැමීමට මෛත්‍රි -රනිල් ආණ්ඩුව සැලසුම් කර ඇති බව , අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසනවා.

වෙන්නප්පුවේ පැවති සම්මන්ත්‍රණයටකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ ,

“ජනතාවට සංවේදී ආයතන 05 ක් වැඩිපුර කාර්යක්ෂම කරන්න කියලා මුදල් අමාත්‍යාංශය යටතට ගන්නවා .බදු ගහන්නයි ,දඩ ගහන්නයි ,ගාස්තු ගන්න විතරයි දන්නේ මේ මුදල් අමාත්‍යාංශය .මොන කළමණාකරනයක්ද ?මේ හදන්නේ විදුලි බිල ,ජල බිල ඉහළ දමන්න .සියළු ගාස්තු ඉහළ යවලා ජනතාව මත බර පටවන්න .

අර අක්කර 15,000 ක් විකුණන්න ,වරාය විකුණන්න ,කොළඹ නැගෙනහිර ජැටිය විකුණන්න මේ සැලසුම් කරන්නේ .එක වෙලාවකට රවී කරුණානායක කියනවා බඩු මිල නම් වැඩිවුණාලු .ඒත් ජීවන වියදම වැඩි වෙලා නෑලු .ඔන්න ආර්ථික විශේෂඥයෝ .ළග හිටියා නම් අහගන්න තිබුණා මේ ගැන .2017 අයවැය මා ළග තියනවා .ඒකේ තියනවා රාජ්‍ය ආයතන විකිණීම සම්බන්ධයෙන් .ආයතන 50 ක් විකුණන්න මේ අය සැලසුම් කරලා තියෙන්නේ. “

මේ අතර පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒකාබද්ධ වෘත්තිය සමිති බලමණ්ඩලය විසින් වත්මන් යහපාලන ආණ්ඩුව විසින් විජාතිකකරණය කිරීමට සූදානම් වන රාජ්‍ය ආයතන ලැයිස්තුව මාධ්‍ය වෙත අනාවරණය කළා .

ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය විසින් ඉදිරිපත් කල රජය විසින් විජාතිකකරණයට සූදානම් වන රාජ්‍ය ආයතන ලැයිස්තුව

මාගම්පුර වරාය
මත්තල ගුවන් තොටුපල
හම්බන්තොට ලුණු ලේවාය
රන්මිහිතැන්න ටෙලි ගම්මානය
හම්බන්තොට අක්කර 15000 ක්
කොළඹ වරාය නැගෙනහිර ජැටිය
ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව
ත්‍රිකුණාමලය තෙල් ටැංකි
ත්‍රිකුණාමලය වරාය
කංකසන්තුරේ වරාය
පලාලි ගුවන්තොටුපල
පුල්මුඩේ ඛණිජවැලි කර්මාන්තය
ත්‍රිකුණාමලය ඉඩම් අක්කර 30,000
ශ්‍රි ලංකා දුම්රිය
ශ්‍රි ලංගමය
ශ්‍රි ලංකන් ගුවන් සේවය
හරිත සරසවිය
ලංකා හොස්පිටල් ආයතනය
හිල්ටන් හෝටලය
කහටගහ මිනිරන් පතල
මහජන බැංකුව
ලංකා බැංකුව
Water’s Edge ආයතනය
ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව
විදුලිබල මණ්ඩලය
EPF අරමුදල
ETF අරමුදල
වැවිලි සමාගම්
සෙවණගල සීනි සමාගම
ලංකා පොහොර
නෙළුම් කුළුණ
කල්පිටිය දූපත් සමූහය
ලංකා පොස්පේට් සමාගම
පැලවත්ත සිනී සමාගම
මිහින් ලංකා ගුවන් සමාගම
ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාව

 

 

Check Also

අගමැති කමේ කිසිදු වෙනසක් නෑ…අගමැති ඉවත් කිරිමට කිසිදු උත්සහයක් ගන්නේ නෑ…

අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ කිසිදු අදහසක් ...