Home / Featured / මටත් දැන් ආණ්ඩුව එපා වෙලා….මන්ත්‍රීධුර 7ක් 8ක් අරගෙන තනි ආණ්ඩුවක් හදමු
Idunil_SINHALA_NEWSALERT

මටත් දැන් ආණ්ඩුව එපා වෙලා….මන්ත්‍රීධුර 7ක් 8ක් අරගෙන තනි ආණ්ඩුවක් හදමු


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ටද ආණ්ඩුව එපා වි ඇති බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැති මාර්තු 12 ව්‍යාපාරයේ සම්මේලනය අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ ජනපති දිනවන්න වැඩකල තමන් නිකම්ම මන්ත්‍රී බවත් විරුද්ධව වැඩ කල මන්ත්‍රීවරුන් තිදෙනකුම අද වනවිට ආණ්ඩුවේ ඇමතිකම් දරණ බවයි.

“ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව තුල තියෙන්නේ බරපතල විවේචනයක්. හොරු ආණ්ඩුව අල්ලනවාද..ආණ්ඩුව හොරු අල්ලනවාද කියලා ජනතාව අහනවා..හොරු අල්ලාගෙන…අල්ලාගෙන අතටම අහුවෙන්න යනකොට නිදහස් කරනවා….මේවා අපිට ප්‍රසිද්ධියේ කතා කරන්නත් බෑ..”

“මෙ පාලනය ගැන මම අතෘප්තිමත් වෙලා ඉන්නේ … මා පඩුවස්නුවර ආසනයේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයා.මේ ආණ්ඩුව බලයට ගෙන්න විරුද්ධව වැඩකරපු තුන්දෙනෙකුම මේ ආසනයේ අද ඇමතිවරු වෙලා ඉන්නවා…නමුත් ආසනය ගොඩනගලා සිරිසේන මහත්තයා ජනපති කරන්න කටයුතු කරපු මම අද නිකම්ම නිකම් මන්ත්‍රී.සිරිසේන ජනපති පරදවන්න වැඩකරපු අය අද ඇමතිවරු.”

“මා යන වාහනය වාහනයට වඩා හොද වාහන වල අද ඒ ඇමතිවරුන්ගේ ගෝල බාලයන් යනවා..හැබැයි ආණ්ඩුව අපේ ජනතාවගේ බැනුම් ටික අපේ.වාසි වරප්‍රසාද ටික ටහ්ව කොටසකට .මුහුණු දෙකයි.ඉතින් මෙ ක්‍රමය තුල ඇත්තටම මා තෘප්තිමත් නෑ “

“අද මාධ්‍ය නිදහස උස්මුරුත්ත වෙලා.නිළධාරි මේ රජයට බයක් නෑ. මේ සියල්ලම සිද්ධවෙන්නේ මහජනතාව අගතියක්.ඒ නිසාම මේ ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්න මා යොජනා කරන මගේ පෞද්ගලික මතය නම් මන්ත්‍රීධුර 106ක් තියේන අප් තව මන්ත්‍රීධුර 7ක් 8ක් අරගෙන තනි ආණ්ඩුවක් හදමු කියලා… “

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *