Home / Featured / ගල්අඟුරු මිලදී ගැනීමට මගේ සම්බන්ධයක් නෑ – සාකච්ඡා හෝ රැස්‌වීමක්‌ සඳහාවත් ගිහින් නෑ

ගල්අඟුරු මිලදී ගැනීමට මගේ සම්බන්ධයක් නෑ – සාකච්ඡා හෝ රැස්‌වීමක්‌ සඳහාවත් ගිහින් නෑ

ගල්අඟුරු මිලදී ගැනීම සම්බන්ධව කිසිදු ආකාරයේ සාකච්ඡාවකට තමා සහභාගි වී නැති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.ඒකාබද්ධ විපක්‍ෂය නඟන අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඉල්ලීමක්‌ කර ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

ඒකාබද්ධ විපක්‌ෂය විසින් ගල් අඟුරු මිලදී ගැනීමට අදාලව අරමුදල් අවභාවිතා වී ඇති බවට මා ද නම් කරමින් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත චෝදනා ඉදිරිපත් කර ඇති බවට පුවත් පත් කිහිපයක වාර්තා පල වී ඇති අතර මෙම ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධව කිසිදු ආකාරයේ සාකච්ඡා හෝ රැස්‌වීමක්‌ සඳහා පාර්ශවයක්‌ වශයෙන් මාගේ සහභාගීත්වයක්‌ නොමැති බව ප්‍රකාශ කරනු කැමැත්තෙමි. එසේම, නොරොච්චෝලේ විදුලි බලාගාරයට ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, මාගේ අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන බවද අමාත්‍යවරයා සිය නිවේදනයෙන් දක්වා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ චොදනාව

ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ දූෂිතයින් හෙළිදරව් කිරීම හා ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ආරම්භ කළ වැඩපිළිවෙළෙහි 10 වන හා අවසන් හෙළිදරව්ව අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව සිදු කර තිබෙනවා.ඒ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයට ගල් අඟුරු සැපයීමේ දී රජයට රුපියල් මිලියන 5000 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන්.

2015 අප්‍රේල් මාස 8 වන දා හෝ ඊට ආසන්න දිනයක ලංකා කෝල් සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දීමට ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 6.75 ක ප්‍රමාණයක් වර්ෂ 3 ක භාවිතය සඳහා ගෙන්වීමට විවෘත ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇති අතර ඒ සඳහා ලංසු 8 ක් ඉදිරිපත්ව ඇති අතර එයින් ලංසු 6ක් සුදුසුකම් ලබා තිබිණි.
කෙසේ හෝ ඉන් අවම ලංසුව නොබල් රිසෝසස් සමාගමට හිමිව තිබිය දී 5 වන ස්ථානය හිමි කර ගත් ස්විස් සිංගපූර් නැමති ටෙන්ඩර්කරුට හිමි වීම තුළින් මෙම වංචාව සිදුව ඇති බවයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කලේ.

අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ,පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක කියා සිටියේ ,

“ලංකා කෝල් සමාගම යටතේ ගල් අගුරු මිලදී ගැනීමක් සිද්ධ වෙනවා.ඒ මිලදී ගැනීමේදී සිදුවුණ දූෂණය මිලියන 5000 ක් .මේ ටෙන්ඩරය ලබා ගැනීම සදහා සමාගම් 08 ක් ඉදිරිපත් වෙනවා.ඒ සමාගම් 08 න් 05 වෙනියාට ලංසුව තියපු සමාගමට තමා මේ ටෙන්ඩරය ලබා දෙන්නේ .මේ ගණුදෙනුව ඉදිරියට යා යුතුයි කියලා තීන්දු කරන්නේ කවුද ?ආර්ථික කළමණාකරන කමිටුවේ සභාපතිවරයා හැටියට ඉන්න වර්තමාන අගමැතිවරයා.මේකට හවුල් වෙනවා පාස්කරලිංගම් මහත්තයා ,මලික් සමරවික්‍රම සහ සුරෙන් බටගොඩ මහත්මයා.

Check Also

ආණ්ඩුවට එරෙහි මහා කැරැල්ළක් … සියළු බෞද්ධ සංවිධාන එකම ගමනක

වත්මන් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල බෞද්ධ සංවිධානයක් ගොඩ නැගීමට ජාතික සංවිධාන නියෝජනය කරන නායක භික්ෂූන් වහන්සේලා ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *