කැබිනට්‌ සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසුව-මහින්දට වරාය ඇමතිකම!

1

වරින්වර කීප අවස්‌ථාවකදී කල් ගිය කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනය අලුත් අවුරුද්දෙන් පසුව කැබිනට් මණ්ඩල සංශෝධනය කිරිම සදහා ජනපති – අගමැති එකඟත්වය පලකර තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවෙන් පසුව මෙම තිරණය ගෙන තිබේන අතර දැනට පවතින ප්‍රධාන පෙළේ ඇමතිධුර වෙනස් නොකිරිමටද එහිදි එකඟතාවයක් ඇති කරගෙන තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

කෙසේවෙතත් ධීවර අමාත්‍ය ධුරය වෙනුවට මහින්ද අමරවීර ඇමැතිවරයාට වෙනත් ඇමැති ධුරයක් ලැබිමට නියමිත බවත් බොහෝ විට මහින්ද අමරවීර ඇමැතිවරයාට වරාය අමාත්‍ය ධුරය ලැබෙනු ඇති බවටද තොරතුරු වාර්තා වි තිබේ.

කෙසේ වෙතත් ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා දරන මහාමාර්ග අමත්‍යංශය කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ ධිවර අමාත්‍ය මහින්ද අමරවිරට ලබා දිමට ජනපති තිරණයක් ගෙන ඇති බවට තොරතුරු වාර්තා විමත් සමග ලක්ෂමන් කිරිඇල්ලගෙන් මෙන්ම එජාප ජ්‍යෙෂ්ඨයන් රැසකගෙන් අගමැතිවරයාට ඊට එරෙහිව බලපැම් එල්ල වි තිබේ.පසුව අගමැති සහ ජනපති අතර ඊයේ මෙම හදිසි හමුව පැවැති අතර ඒහිදි මහින්දට වරාය ඇමතිකම දිමට ජනපති එකගවි ඇති අතර ශ්‍රීලනිප ඇමතිකම් වෙනස් කිරිමට තමන්ට ගැටලුවක් නොවන බවද අවධාරණය කර තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.

1 COMMENT

Comments are closed.