Home / Featured / විධායක තියාගන්න ශ්‍රීලනිපයට අයිතියක් නෑ-16 වතාවක් සංශෝධනය කළ ව්‍යවස්ථාව එපා
professor-sarath-wijesooriya_SINHALA_NEWSALERT

විධායක තියාගන්න ශ්‍රීලනිපයට අයිතියක් නෑ-16 වතාවක් සංශෝධනය කළ ව්‍යවස්ථාව එපා


1977 රටට සාපයකවූ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට ශ්‍රීලනිපයට අද කිසිම අයිතියක් නැති බව මහාචාර්ය සරත් විජේසූරිය පවසයි.අලුත් ව්‍යවස්ථාවක් සඳහාවූ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අමතමින් මහාචාර්යවරයා සදහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ජනවරමක් ලැබි නොමැති බවයි.

අනාගතයේ ඉපදෙන දරුවන්ගෙන් සාප නොලැබීම සඳහා දහසය වතාවක් සංශෝධනය කළ ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව මෙරටට ගැළපෙන ශීලාචාර ව්‍යවස්ථාවක් සකසා ගැනීමට කාලය උදාවී ඇති බවත් “අපි කිසිදු කෙනෙක් වසර සියයක්වත් ජීවත් වෙන්නේ නැහැ.මේ නිසා අප රටේ ඉපදෙන දරුවාට අසාධාරනයක් නොවන ව්‍යවස්ථාවක් වෙනුවෙන් ජනමත විචාරනයක් අත්‍යවශ්‍ය වෙනවා.” යනුවෙන්ද මහාචාර්යවරයා අවධාරණය කර සිටියා.

“ජනවාරි 08 ජයග්‍රහණය වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමියෝ ඇතුළු බොහෝ දෙනාගේ නායකත්වයේ තේමාව කරගත්තේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධවයි. එදා සෝපිත හිමියන්ගේ 73වන ජන්ම දිනයේද ඒ හිමියන්ගේ අභීත හඩින් ඉල්ලා සිටියේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසයි. ජනවාරි 08 ජයග්‍රහණයට හේතුවුණෙත් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුල අලුත් ආණ්ඩු පාලනයක්. ඒ ව්‍යවස්ථාව තුළ විධායක බලය අහෝසි කිරීම, රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක්,බලය බෙදීම යන කරුණු තුන ඉටුකිරීමට ව්‍යවස්ථාව වෙනස් නොකර බැරි බව අපි දන්නවා.අදාළ කරුණු තුනට සියලු දිස්ත්‍රික්ක වලින් 80%කට වඩා ජනතා කැමැත්ත ලැබී තියෙනවා.ඒ ජනවාරි 08පෙර පැවැති මැතිවරණයේදී ජනතාවගේ ජන්ද ප්‍රථිඵල මත සනාථවී තියෙනවා.”

“මීට පෙර අවස්ථාවලදී මෙරට සිදුකළ ව්‍යවස්ථා සංශෝධන අවස්ථා වලදී කිසිදු ජනමත විචාරනයක් කර නැහැ.1984දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහිත්මිය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේද ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කර තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආයුතු බව. පොදු ජන ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජනවරමක් ලැබිය යුතු වෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගෙන් සමන්විත කණ්ඩායමකටත් මේ උත්සාහය දශක කිහිපයකට පෙර සිට මතුව තියෙනවා. 1977 සාපයකවූ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑමට ශ්‍රීලනිපයට අද කිසිම අයිතියක් නැහැ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යෑම සදහා ජනවරමක් ලැබිලත් නැහැ.එදා චන්ද්‍රිකා ගෙනා ආණ්ඩුක්‍රම කෙටුම්පත සම්මත වුණානම් අද විධායක ජනාධිපති ක්‍රමයක් නැහැ.”

“අද දිගුකාලීන අත්දැකීම් බහුල වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙනුවෙන් පෙරමුණ ගෙන සිටිනවා.එතුමා පසුගිය එජාප සංවත්සරයේදීද තම පක්ෂයෙන් සිදුවූ වැරදි වලට ජාතියෙන් සමාව ඉල්ලුවා. එය ඉතා වැදගත්. ශ්‍රීලනිපය එදා නොලබපු ධෛරය අද ලැබිලා තියෙනවා.”

“වර්තමානයේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම,විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා අලුත් මැතිවරණ ක්‍රමයකට යෑම වෙනුවෙන් සම්මුතියකට එලබී තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙක එකතුව සැකසුණු සම්මුතිවාදී ආණ්ඩුව මග හැරියානන් අනාගතේ ඉපදෙන දරුවන්ට අනාගතයක් නැහැ.ජනවාරි 08 ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයා මුලින්ම ජනතාව අමතා ප්‍රතිඥා කළේ සිය පත්වීමෙන් මාස 06ක් තුළ විධියක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවයි. ඒ සඳහා යම් යම් පියවරවල් තබල බව ඇත්තයි. නමුත් ඒවා මන්දගාමී පියවරවල්. එය පරාජය කිරීම ජනාධිපතිවරයාගේ පරම වගකීම. මාදුළුවාවේ සෝපිත හිමියෝ ඉටු කරනු ලැබුවේ මහ යුග මෙහෙවරක් ජනවාරි 08 පත්කළ යහපාලන ආණ්ඩුව ගොඩනගන්න එතුමාගේ කැපවීම ඉතා අගය කළ යුතුයි. මා ජනාධිපති හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට ප්‍රධාන අත්තිවරම සැපයු සෝපිත හිමියන්ගේ බලාපොරොත්තුවූ අරමුණ ඉටුකරන්න සාධාරන යහපාලන ක්‍රමයක් ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ලෙසයි.”

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *