Home / Featured / බුද්ධ ශාසන ඇමතිකම ගන්න මහින්ද සුදානම් -ඇමති වෙනස ගැන තින්දු ගන්නේ ජනපති

බුද්ධ ශාසන ඇමතිකම ගන්න මහින්ද සුදානම් -ඇමති වෙනස ගැන තින්දු ගන්නේ ජනපති

ජනාධිපතිවරයා තමන්ට බුද්ධ ශාසන අමාත්‍යධුරය ලබාදුන්නද තමන් එය සතුටින් භාර ගන්නා බව ධිවර අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර පවසයි.ඊයේ (17) විරකැටිය පැවැති රැස්විමක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ අලුත් ඇමතිකම්ක් දෙනවාද? නැද්ද යන්න තිරණය කරනුයේ ජනපති විසින් බවයි.

“අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ජනතාවගේ යම් යම් ආපෙක්ෂාවන් තිබේනවා.නමුත් ඇමතිවරුන් වෙනස් කරනවාද නැද්ද යන්න තිරණය කරන්නේ ජනාධිපතිවරයායි.”

“අගමැතිවරයා සමග සාකච්ඡාවකින් පසුව ජනාධිපති නියම වෙලාවට එ තිරණය ගනිවි.”

ධීවර ඇමති මහින්ද අමරවීරට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සංවර්ධන කටයුතු මෙන්ම රට වශයෙන් වැඩ කිරීමට වඩා වැඩි බලයක් ලබා දීමට සූදානම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගියදා (16) හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරමින් ‘රන්බිමක උරුමය’ ඉඩම් ඔප්පු සහ දීමනා පත‍්‍ර ප‍්‍රදානය කිරීම වෙනුවෙන් හම්බන්තොට නව සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමින් කියා සිටියා.

ධීවර ඇමති ධුර තුනක්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කය ලැබී ඇති නිසා මෙම තීරණය ගන්නා බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර ධීවර ඇමති මහින්ද අමරවීර මහතා මෑතකදී කියා සිටියේ තමන් යම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ජාතික නායකත්වයකට පත් වන බවයි.

එමෙන්ම මීළග අගමැති තමන් යයි ජනතාව කියද්දී තමනට නිහතමානී අභිමානයක් ඇතිවන බවද ඔහු එවන් එක් ජනහමුවකදී කියා තිබින.

Check Also

නීතිපතිවරයා ඒකීය බව රැක්කාද?නීතිපති කටයුතු කළ යුත්තේ ඒ 77 සහ 154 (ව) ව්‍යවස්ථා සීමාවන් තුළ සිටිමින් මිස වෙනත් බලපෑම් මත නොවේ

පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේදී නීතිපතිවරයා 77  ව්‍යවස්ථාව අනුව නිවැරදිව ...

One comment