Home / Featured / රැකියා බලපත‍්‍ර නෑ, පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් -බලපත‍්‍ර නැති අයට රැවටෙන්න එපා

රැකියා බලපත‍්‍ර නෑ, පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් -බලපත‍්‍ර නැති අයට රැවටෙන්න එපා

සංවිධානාත්මක ලෙස පුද්ගලයින් විදේශ ගතකිරීමේ ජාවාරමක් හෙළි කරගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන්ට හැකි වි තිබේ. කාර්යාංශයේ මාධ්‍ය ඒකකයට ලද තොරතුරක් මත විදේශ රැකියා අමාත්‍යවරියගේ උපදෙස් පරිදි මෙම වැටලීම මෙහෙය වූ අතර, උපාය දුතයෙකු මාර්ගයෙන් සැකකරු කොටුකර ගැනීමට නිළධාරීන්ට හැකිවි තිබේ.

පහළ කුඩාවැව, කුඩාවැව ලිපිනයේ පදිංචි වසන්ත විජේතුංග නම් පුද්ගලයෙකු මේ ආකරයට අත් අඩංගුවට පත්ව තිබේ.සැකකරු මාර්තු මස 14 දින මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මාර්තු මස 20 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි.

කුවේට් රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා රු.50,000 ක් සමග තමන් හමුවීමට සිය නිවසට පැමිණෙන ලෙස සැකකරු උපාය දූතයාට දන්වා තිබේ. ඒ අනුව 2017.03.13 දින සවස 6.30ට පමණ සැකකරුගේ නිවසට ගිය විමර්ශන නිළධාරීන් නිවස වටලා එහිදී සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී ගුවන් බලපත‍්‍ර ඡායාපිටපත් 120, ගුවන් ගමන් බලපත‍්‍ර 10ක්, විදෙස් ගතවීමට බලාපොරොත්තු වන අයගේ උප්පැන්න සහතික හා රැකියා අයදුම්පත‍්‍ර විශාල ප‍්‍රමාණයක් සොයා ගන්නා ලදී.

ඔහු විසින් කලක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් තිබෙන අතර, කුවේට් රාජ්‍යයේ උසස් රැකියා ලබා දෙන බව පවසා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර තිබේ. මොහුට ශ‍්‍රමිකයින් විදේශ ගතකිරීමට අවශ්‍ය රැකියා බලපත‍්‍රයක් නොමැති අතර නීතිවිරෝධී ලෙස මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.

ශ‍්‍රමිකයින් විදේශ ගතකිරීමට නම් කාර්යාංශයේ වලංගු රැකියා බලපත‍්‍රයක් තිබිය යුතු බවත්, මෙවැනි ව්‍යාජ තොරතුරු සපයමින් මුදල් වංචා කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙස විදේශ සේවා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබේ.

Check Also

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුබපැතුම්

අන්‍යයන්ගේ වේදනා කෙරෙහි සංවේදී වීමද තමන් තමන්ටම අවංක වීමද තුළින් මනුෂ්‍යත්වය වර්ණවත් කළ හැකි බව ...