Home / Featured / මංගල,සරත්,රංජිත්ගේ සිහිනය බොඳව යයි -එජාපයට නියෝජ්‍ය නායකයන් නෑ

මංගල,සරත්,රංජිත්ගේ සිහිනය බොඳව යයි -එජාපයට නියෝජ්‍ය නායකයන් නෑ

එක්සත් ජාතික පක්ෂයට අලුතින් නියෝජ්‍ය නායකයන් පත් කරන බවට පලවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

නව නියෝජ්‍ය නායකවරු කිහිප දෙනෙක් පත් කිරීමට පක්ෂය තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවත් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන්ට දැනුම්දී ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ කාත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා රැස්වුණු අතර එහිදී විශේෂ තීන්දු තීරණ කිහිපයක්ම පිළිබඳව සාකච්ඡා වු බවත් එක්සත් ජාතික පක්ෂය සදහා උප නායක තනතුරු 3ක් අලුතින් ඇති කිරීමට මෙහිදී විශේෂ යෝජනාවක් ඉදිරිපත් වු බවට මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබුනා.

එම වාර්තාවට අනුව මංගල සමරවීර , සරත් ෆොන්සේකා , හා රංජිත් මද්දුම බණ්ඩාර යන මන්ත්‍රීවරුන් එම උපනායක තනතුරු සඳහා පත් කිරීමටද යොජනා වු බව සදහන් ව තිබුනා.

මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එ.ජා.ප. මහ ‍ලේකම් කබිර් හසීම් බවද එම වාර්තාවල සදහන්ව තිබුනා.

කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ නව නියෝජ්‍ය නායකවරු කිහිප දෙනෙකු පත්කිරිමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට යොජනා ඉදිරිපත් වුවද නියෝජ්‍ය නායකයන් පත්කිරිමෙන් පක්ෂයට සිදුවු අර්බුද සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වයට කරුණු පැහැදිලි කිරිමෙන් පසුව එම තීරණය ආපසු හැරවිමට කටයුතු කර ඇති බවයි.

Check Also

30% ක් කාන්තා නියෝජනයෙන් 25%ක් තේරි පත් විය යුතුයි…

රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා හා දරුවන් ...