Home / Featured / 15,000 ත්‍රස්තවාදි බල ඇණියක් …තවත් භයානක කරුණු රැසක් …විත්තියේ වාචකය ජිනීවා වෙත භාරදේ …

15,000 ත්‍රස්තවාදි බල ඇණියක් …තවත් භයානක කරුණු රැසක් …විත්තියේ වාචකය ජිනීවා වෙත භාරදේ …

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රි ලංකා හමුදාව යුධ අපරාධ කර නැති බව දැක්වෙන වාර්තා 7 ක්‌ පසුගියදා ජිනීවාහි මානව හිමිකම් සමුළුව වෙත භාරදී තිබෙනවා. ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රකට නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, නීතිවේදී ජෆ්රි නයිස්‌, නීතිවේදී රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ සකස්‌ කළ විමර්ශන වාර්තාවලින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව නිවැරැදිකරු බව ප්‍රකාශ කර ඇත.එම වාර්තා ජිනිවා මානව හිමිකම් සමුළුව වෙත භාරදී ඇත්තේ , රියර් අද්මිරාල් සරත් වීරසේකර හරහායි.

මෙකී විමර්ශන වාර්තාවලින් ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුම දියත් කළ ආකාරය ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය කිරීමක්‌ නොවන බවටද තහවුරු කර තිබේ.පසුගිය 17 වනදා අදාල වාර්තාවන් මානව හිමිකම් කොමිසම වෙත ලබාදී ඇති බවද දැන ගන්නට ලැබෙනවා.

මේ විදේශ විනිසුරුවන් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනා අටට නිසි ප්‍රතිචාරය දන්වා තිබේ. පසුගිය රජය සමයේ සකස්‌ වූ මේ කිසිදු වාර්තාවක්‌ මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වී නොතිබුණි.මේ වාර්තා රියර් අද්මිරාල් සරත් වීරසේකර විසින් මුල්වරට ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකිරීම විශේෂ සිද්ධියකි.

මෙලෙස කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය නිමවී වසර අටකට පසු මුල්වරට මෙරට ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බවට වාර්තා වූ විගස ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කෝපයට පත්වී ඇත.”විත්තියේ වාචකය” නමින් හඳුන්වන මෙම විමර්ශන වාර්තාවෙන් සුදුකොඩි සිද්ධිය රමේෂ් සහ නමැති කොටි නිවේදිකාවගේ ඝාතන ගැනද අභියෝග කරමින් සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස දක්‌වා ඇත.

එසේම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සිය නීතිරීති උල්ලංඝණය කරමින් බලතල ඉක්‌මවා ක්‍රියාකළ අවස්‌ථා ගැනද විමර්ශන වාර්තාවේ දක්‌වා ඇත. මින් පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවන් අභියෝග එල්ල වී නොතිබුණි.

මෙම පසුබිම මැද මෙම විමර්ශන වාර්තාවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කළ ආකාරය විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් විශේෂ තානාපති නිලධාරියකු පත්කළ යුතු යෑයි ඉල්ලීමක්‌ කර ඇත.තම ඉල්ලීම සාධාරණ බව පෙන්නුම් කිරීම සඳහා මානව හිමිකම් කවුන්සිලය ක්‍රියාකළ අයුතු ක්‍රියාපටිපාටිය ගැනද එම විමර්ශන වාර්තාවේ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සති අන්ත පුවත්පතක් වෙත අදහස් දක්වමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසා ඇත්තේ ,

“මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව ඔහුගේ වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර තිබෙනවා. අපේ විමර්ශන වාර්තාව ඔහුට අභියෝගයක්‌. මේ ජිනීවා යෝජනාව 2012 – 2013 සහ 2014 වර්ෂ වලත් ගෙන ආවා. එම අවස්‌ථාවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ඊට එරෙහිවී මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය කරන බව පැවසුවා.

ශ්‍රී ලංකා හමුදාව වන්නි මෙහෙයුමේදී උතුරට ආහාර ද්‍රව්‍ය සැපයීමෙන් වැළකී සිටි බවට චෝදනා කළත් ආහාර ද්‍රව්‍ය ටොන් දස දහස්‌ ගණනක්‌ වන්නියට යෑවූ සැටි දක්‌වන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බව විමර්ශන වාර්තාවේ දැක්‌වෙනවා.මෙම විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පිළිගන්වා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ජාත්‍යන්තර සන්නද්ධ අරගලයක්‌ නොවන බවත් එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට අයත් නොවන බවත් පවසනවා.”

මේ අතර රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී උතුරේ තත්ත්වය අනාවරණය කරමින් පවසා ඇත්තේ ,

බෙදුම්වාදීන්ට ත්‍රස්‌තවාදීන් 15000 ක්‌ සන්නද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. එය පැය 45 ක්‌ තුළ කළ හැකියි. ආරක්‍ෂක හමුදාවට බාර නොවූ 4000 ක්‌ උතුරේ සිටිනවා යෑයි හෙතෙම ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් පවසා ඇත.

ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකර නැති බව දැක්‌වෙන පිටු 200 කින් සමන්විත විමර්ශන වාර්තාවේ ,කොටුව මහ බැංකු බෝම්බය ,නුගේගොඩ ,පිළියන්දල ,ගල්කිස්ස ,වැලිවේරිය ,රාජගිරිය ,මරදාන ,දෙහිවල ඇතුළු ස්ථාන රැසකම බෝම්බ පිපිරීම මේ දක්වා නිහඩව තිබූ දරුනු අපරාධයන් වන අතරම , ඒ සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළි කරමින් කරුණු දක්වා ඇත.

Check Also

අගමැති කමේ කිසිදු වෙනසක් නෑ…අගමැති ඉවත් කිරිමට කිසිදු උත්සහයක් ගන්නේ නෑ…

අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නව අග්‍රමාත්‍යවරයෙකු පත් කිරීමේ කිසිදු අදහසක් ...