Home / Featured / රට්ටු ,අපිට අමු කුණුහරුපෙන් බනිනවා… එතකොට ආණ්ඩුවේ වස් දොස් යනවා

රට්ටු ,අපිට අමු කුණුහරුපෙන් බනිනවා… එතකොට ආණ්ඩුවේ වස් දොස් යනවා

සමාජ ජාල වෙබ් අඩවි හරහා අද අපිට කුණුහරුපයෙන් බණින්නේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිතවී ඇති නිසා බව ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.ගාල්ල නෙළුව ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

නමුත් ආණ්ඩුවට කුණුහරුපයෙන් බනින නිසා ආණ්ඩුවේ වස් දොස් යන බවත් ,ඔහු පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා ,

දැන් තියෙන්නේ කොහොමද මේ තරුණ ,තරුණියන්ට රැකියා ආදායම් මාර්ග ,ලබලා දෙන්නේ ?මේ ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුවක් ඒක .අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කළා .ඒ නිසා අද අපිට කුණුහරුපෙන් බනිනවා .ෆෙස් බුක් වලයි .අපිට බනින්නේ නැති දවසක් නෑ . මම කිව්වා බැන්නාට ඉතින් කමක් නෑ වස් දොස් යනවානේ කියලා.කිසිම හානියක් වෙන්නේ නෑ අපිට .

දෙවනුව මේ රට තුළ සාමය ඇති කරන්න ඕන .අපහු ගිහින් මැරෙන්න බෑ .දැන් කී දෙනෙක් තරුණයෝ මැරුණද ?

ඊලගට තියෙන්නේ අධ්‍යාපනය දියුණු කරන එක .අපේ අධ්‍යාපන ඇමතිතුමාත් අනෙක් අමාත්‍යාංශ හරහාත් අපි බලන්නේ අවුරුදු 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරනවා .0/L විතරක් කරන්න උවමනා නෑ .සංගීතයට ,නටන්න දක්ෂ අයට ඒ වැඩ කටයුතු කර ගන්න අපි අවස්ථාව දෙනවා .

අනිත් කාරණය තමා විශේෂයෙන්ම රටේ ආර්ථිකය නගා සිටුවීම .ඒකට අපිට වැඩපිළිවෙලක් තියනවා .

 

Check Also

රටම මහා ආපදාවේ …රට එකම සුන් ගොඩක් වෙද්දී … අගමැති රනිල් පුද්ගලික සංචාරයක් සදහා රට පනී …

පෞද්ගලික සංචාරයක් සදහා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටව ගොස් තිබෙනවා. සති දෙකක ...