Home / Featured / මහපොළ ශිෂ්‍යත්ව දුන් පියාගේ නාම පුවරුව කැඩුවෙ ඇයි-අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹයි
Peradeniya---Hostal--Damage-SINHALA_NEWSALERT_NEW

මහපොළ ශිෂ්‍යත්ව දුන් පියාගේ නාම පුවරුව කැඩුවෙ ඇයි-අභ්‍යන්තර පරීක්ෂණයක් අරඹයි


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ  නව ශිෂ්‍ය නේවාසිකාගාරයේ නාම පුවරුව විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයක් විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කොට තිබේ.

සිසුන් හාරසියයකට නේවාසික පහසුකම් සහිත කාමර සියයකින් යුතුව ඉදිකරන ලද සිව් මහල් නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිතව තිබියදී කිසියම් පිරිසක් විසින් එහි නාම පුවරුව විනාශ කොට තිබේ.

විශ්ව විද්‍යාල සිසුන් සදහා ලබා දෙන  මහපොළ ශිෂ්‍යත්ව අරමුදලේ නිර්මාතෘ දිවංගත ලලිත් ඇතුලත් මුදලි මහතාගේ නාමය සිහිපත් කරමින් එතුමාගේ නමින් මෙම නේවාසිකාගාරය නම් කර ඇති අතර ඊට ඇතැම් සිසුන් විරුද්ධ බව විශ්ව විද්‍යාල ආරංචි මාර්ග පවසයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නේවාසිකාගාරය විවෘත කිරීමට නියමිතව තිබුණු අතර ඊට සිසුන්ගේ විරෝධය පළ වීමත් සමග එම විවෘත කිරීම කල්ගොස් තිබුණි.

මේ අතර ඇතැම් පිරිසක් විසින් මෙහි නාම පුවරුව කඩා දමා ඇති අතර මේ පිළිබදව විශ්ව විද්‍යාල මට්මමින් පරීක්ෂණයක් පවත්වන බව උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Peradeniya - Hostal Damage Photo (1) Peradeniya - Hostal Damage Photo (2) Peradeniya - Hostal Damage Photo (3) Peradeniya - Hostal Damage Photo

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *