Home / Featured / මහින්දවාදී ආණ්ඩුවකට සූදානම් …සටන ඇරඹෙයි …මාතරදී විරෝධතා
PROTEST_LNA_19_03_2016

මහින්දවාදී ආණ්ඩුවකට සූදානම් …සටන ඇරඹෙයි …මාතරදී විරෝධතා


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇගිල්ල දික් කරමින්  බලයට පත්වූ යහපාලන ආණ්ඩුව බලයට පත්වී ,සතියක් ගත වෙත්ම මහ බැංකුව මංකොල්ල කෑ බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.මහ බැංකු කොල්ලය සිදුවී වසර ගණනාවක් ගතවී ගියද රනිල් වික්‍රමසිංහගේ මේ ආණ්ඩුව අද බැදුම්කර හොරු ආරක්ෂා කරමින් සිටින  බවද ඔහු කියා සිටියා.

වත්මන් ආණ්ඩුව ජනතා අයිතිය උදුරාගෙන ඇති බවත් ,වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවද ඔහු සදහන් කළා  .  පළාත් පාලන මැතිවරණය වහා පවත්වන ලෙස බල කරමින් හා දේශපාලනික පලිගැනීම් මත සිරගත කොට සිටින විමල් විරවංශ වහා නිදහස් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂ විසින් අද (18) දැවැන්ත විරෝධතාවයක් පැවැත්වූවා .

එහිදි අදහස් දක්වමිනුයි නාමල් රාජපක්ෂ මේ බව කියා සිටියේ .  ආණ්ඩුව බෙදුම්වාදි වැඩපිළිවෙල  වහාම නතර කල යුතු බවත් ,රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණය ,රාජ්‍ය සම්පත් විකිණීම ,දේශපාලන පලි ගැනීම වහාම නතර කල යුතු බවයි ඔහු කියා සිටියේ .ආණ්ඩුව වහාම මැතිවරණයක් කැදවිය යුතු බවත් ,මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතා හිතවාදී ආණ්ඩුවක් පිහිටුවන බවද ඔහු සදහන් කළා.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *