Home / Featured / උපාධි කඩ වහනවා නම්… චැනල් කඩත් වහන්න ඕනෑ
SB_LNA_19_03_2016

උපාධි කඩ වහනවා නම්… චැනල් කඩත් වහන්න ඕනෑ


පුද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරන්නේ නම් , චැනල් කඩත් වැසිය යුතු බව , සමාජ සුබසාධන සහ සවිබල ගැන්වීම් අමාත්‍ය එස් .බි දිසානායක පවසනවා.

සයිටම් විශ්ව විද්‍යාලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා .

උසස් පෙළ සමතුන්ගෙන් 05% ක්ම විශ්ව විද්‍යාලයට පිවිසෙනවා.විද්‍යාපීඨ වලට බදවා ගන්නේ 40 % න් .දිස්ත්‍රික් පදනමින් 55% ක් බදවා ගන්නවා.අති දුෂ්කර කියලා 5 % ක් ගන්නවා .නුවර ,ගම්පහ ,කොළඹ ,ගාල්ල ,මාතර දිස්ත්‍රික්කවල උසස් ප්‍රතිපල ලබා ගත් ළමයින්ට වෛද්‍ය ඉංජිනේරු පීඨවලට යන්න නොහැකි වෙන අවස්ථා තියෙනවා . ඒ වගේ ළමයි වසරකට 10000ත් 150000 ත් අතර සංඛ්‍යාවක් සල්ලි දීලා ඉගෙන ගන්න පිටරටවල් වලට යනවා .සල්ලි තියන අය නේපාලය , ඉන්දියාව , බංගලාදේශය ,භූතානය වගේ රටවල ඉතා අපිරිසිදු නවාතැන් පහසුකම්වත් නැති හරියට නැති විශ්ව විද්‍යාලවලටත් ගිහින් ඉගෙන ගන්නවා.

මේ නිසා මම උසස් අධ්‍යාපන ඇමති සමයේ පෞද්ගලික විශ්ව විද්‍යාල පිහිටුවීම ඇරඹූවා .පිටරටවලට වැඩි මුදලක් ගෙවලා ඉගෙන ගත්ත ළමයි අපේ රටේම ඉදන් අඩු මුදලක් ගෙවලා ඉගෙන ගන්න තිබීම නිසා ලමයින්ට පහසුවක් දැනුණා.

අපි සයිටම් එක ආරම්භ කලේ රුසියානු විශ්ව විද්‍යාලයක් සමග .වසර තුනකින් හතරකින් ළමයින්ව රුසියාවට යවන්නයි සැලසුම් කලේ .

මේ වගේ විරෝධතා තියෙන්නේ ලංකාවේ විතරයි . ආසියාවේ පකිස්ථානය ,ඉන්දියාව ,භූතානය වගේ ලංකාවට වඩා අඩු දල දේශිය ආදායමක් රටවලත් ,පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා .

සල්ලි දීලා ටියුෂන් ගන්න හොද නම් ,සල්ලි දීලා උපාධියක් ගන්න එක වැරදිද ?උපාධි කඩ වහන්න කියනවා නම් චැනල් කඩත් වහන්න ඕන .ඒකේ විනාඩි දෙක තුනකට දොස්තරලා තුන් හතරදාහක් අය කරනවා ,’.මේක තමා ඔවුන්ගේ කුහකකම .ජරාකම .බලුකම .විලි ලැජ්ජා නැතිකම .සයිටම් එකට බලය දුන්නේ නීත්‍යානුකූලව .අඩුපාඩු තියනවා නම් ,නිවැරදි කිරීම වෛද්‍ය සභාවේ වගකීමක් .

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *