Home / Featured / ජිවිතයම නැසූ පිලිකාව නසන පුංචි කරවිල ඇටය- පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිකාව නසන හැටි මෙන්න

ජිවිතයම නැසූ පිලිකාව නසන පුංචි කරවිල ඇටය- පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිලිකාව නසන හැටි මෙන්න

පිළිකා සෛල මර්ධනය කිරිමේ හැකියාවක් කරවිල ඇට සතුව ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

සෛල විනාශ කර පිළිකා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම අඩාල කළ හැකි රසායනිකමය හැකියාවකින් කරවිල බීජ සමන්විත වන බව පර්යේෂයේ නිරත පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පැවසීය.(විඩියෝව පහතින් බලන්න )

කරවිල ඇට යොදාගනිමින් වර්ෂයක පමණ කාලයක් කරන ලද පර්යේෂණයේදී කරවිල ඇට තුළ ඇති ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ් (steric fatty acid) රසායනය මගින් පිළිකා මර්ධනය කළ හැකි බව අනාවරණය වූ බව පැවසූ පශු ව්‍යාධවේද විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

කෘමිනාශක යෙදීමෙන් තොරවූ පිරිසිදු කරවිල බිජ යොදාගනිමින් මෙම පර්යේෂය ආරම්භ කළා. විවිධ සතුන් උපයෝගී කරගනිමින් මෙම ප්‍රතිකාරය ලබාදුන් අතර ඇල්ෆා ස්ටියරික් ෆැටී ඇසිඩ්වලට පිළිකා සෛල නැසිමේ හැකියාව ඇති බව තහවුරු වුණා. දියවැඩියාව සදහා උචිත ඖෂධයක් වශයෙන් කරවිල ජනතාව අතර ප්‍රචලිත ව පවතින නමුත් කරවිල ඇට ආහාරයට ගැනීම බොහෝ දෙනෙකු සිදු කරන්නේ නැහැ. නමුත් කරවිල කරල සම්පූර්ණයෙන්ම ඖෂධීය ගුණයෙන් යුක්තයි. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් කරවිල මදය සතුයි.

මෙම පර්යේෂණය සදහා ඉතා පිරිසිදු කරවිල බීජ යොදා ගත්තා. කෘමිනාශකවලින් තොර පිරිසිදු කරවිල බීජ කිලෝවක මිල රුපියල් හයදහසක් අට දහසක් අතර මිලක් වෙනවා. නිපදවන කරවිල බෙහෙත් කැප්සියුලයක් සදහා කරවිල බීජ අටක් පමණ යෙදිය යුතුයි.

මෙම ඖෂධය අතුරු ප්‍රතිඵල නොමැති සම්පුර්ණයෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු කරල්මය ඖෂධයක්. මහනුවර මහ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකෙය් රෝගීන් සදහා මේ වන විට මෙම ප්‍රතිකාරය ලබා දෙනවා. ඖෂධය මේ වන විට සාර්ථක වී ඇති බවත් ඉදිරියේදී මෙම නව හදුන්වාදීම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට භාර දෙන බව මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කරවිල ඇට උපයෝගි කරගනිමින් නිපදවූ කැප්සියුලය මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මොහොමඩ් හිල්මි මහතාගේ අධීක්ෂණය යටතේ සතියකට දෙවතාවක් ලබාදෙන බව මහචාර්ය රොහාන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

රසායනික ද්‍රව්‍යය නොයෙදූ කරවිල ඇට කිලෝ ග්රෑමයක් රුපියල් 6000.00 ක් පමණ වන බවත් එක් කැප්සියුලයක් නිපදවීමට කරවිල ඇට 09 ක් පමණ වැයවන බවත් කී මහචාර්යවරයා රෝගීන්ට මෙම ප්‍රතිකාරය ලබා දෙන්නේ නොමිලේ බවද පැවසුවේය.

මෙම කරවිල ප්‍රතිකාරය දීර්ඝ කාලයක් අඛන්ඩව ලබා ගත්තද ශරීරයට අහිතකර බලපෑම් කිසිවක් ඇති නොවන බවත් ඒ බවද පරීක්ෂණ මගින් තහවුරුව තිබෙන බවත් හෙතෙම කීය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

ජිවිතයම නැසූ පිලිකාව නසන පුංචි කරවිල ඇටය… by LNA

මහචාර්ය රොහාන් රාජපක්ෂ
මහචාර්ය රොහාන් රාජපක්ෂ
කරවිල ඇට මගින් පිළිකා ඖෂධ නිපදවන අයුරු.
කරවිල ඇට මගින් පිළිකා ඖෂධ නිපදවන අයුරු.
කරවිල වලින් සකස් කළ කැප්සියුල්.
කරවිල වලින් සකස් කළ කැප්සියුල්.

vlcsnap-2017-03-15-14h37m51s666 vlcsnap-2017-03-16-07h46m37s431 vlcsnap-2017-03-16-07h47m41s871 vlcsnap-2017-03-16-07h49m54s956

 

 

 

Check Also

දේශප්‍රේමීත්වය දේශපාලන තක්කඩියාගේ අවසාන තිප්පොළයි…

සිල් රෙදි නඩුවේ දඩ මුදල් ගෙවන්න ඕනෑ මහජනතාව නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව අමාත්‍ය ...