Home / Featured / ටොරෙන්ටෝ නගරාධිපති මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේ-උතුරේ යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කරයි
John-Tory_SINHALA_NEWSALERT

ටොරෙන්ටෝ නගරාධිපති මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේ-උතුරේ යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කරයි


යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට උතුරේ සංචාරයක නිරතව සිටින කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාවේ නගරාධිපති ජෝන් ටෝරී(John Tory) ඇතුලු කණ්ඩායම මුල්ලිවයික්කාල් අනුස්මරණ බිමේදි එම ස්මාරක පහණට ගිනී දල්වා යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට කටයුතු කර තිබේ.

John-Toryයාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය.

උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සටහන් කොට නොමැති නමුත් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පසුව තීරණය කෙරෙන බවයි.

අනතුරුව මුලතිව් කේපාපිලව් පළාතේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි පිරිස හමු වූ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඔවුන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිල්ලට සවන් දුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

canada3 toranto

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *