Home / Featured / ගීතා …. මම කාලයක් තිස්සේ ඉවසුවා-මම ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ලබාගෙන නෑ

ගීතා …. මම කාලයක් තිස්සේ ඉවසුවා-මම ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ලබාගෙන නෑ

තමාට ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය නගා ඇති චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති මහින්ද සමරසිංහ පවසයි.

ජාතික පුවත් පතක් සමග එක්වෙමින් ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ කර තිබු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ඒ බව ඔප්පු කිරීමට තමන්ට හැකි බවයි.

ප්‍ර- ඇයි ඔබතුමිය මහින්ද සමරසිංහ ඇමැතිතුමාටත් චෝදනා කරන්නෙ?

පි- මම චෝදනා කරන්නෙ සත්‍යය දැනගෙනයි. එතුමා තවමත් ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක්. මම ඒක වගකීමෙන් කියනවා. ඕනැ වෙලාවක තානාපති කාර්යාලයෙන් දැන ගන්න පුළුවන්. මම වැරැද්දක් කියනවා නම් එතුමාට පුළුවන් මට නඩු දාන්න. ඔහු ඡන්දෙට ආවෙත් ස්විට්සර්ලන්ත පුරවැසියෙක් විදිහට.

පසුගිය සෙනසුරාදා (18) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය මහින්ද සමරසිංහ සදහන් කළේ ඇයගේ ප්‍රකාශයට අනුව මා ස්විට්සර්ලන්තයේ කිසි දිනෙක පුරවැසි භාවය ලබාගෙන නැති අතරම මාගේ 61ක් වසරක වයස් කාලය තුළ මට ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පමණකි. කිසි දිනෙක වෙනත් රටක පුරවැසිභාවයක් ලබාගෙන නැති බව සෘජුව ප්‍රකාශ කරන බවයි.

“මම කාලයක් තිස්සේ ඉවසලා තමයි මෙම ප්‍රකාශය කළේ. පුවත්පතකට සෘජුවම යම් ප්‍රකාශයක් කළ විට ඊට පිළිතුරු දීමට අපි බැඳී සිටිනවා. අපි මහජන නියෝජිතයෝ. එක එක්කෙනාගේ අඩුපාඩු වහ ගන්න වෙනත් අයට චෝදනා කරන එක වැරදියි. එය පහත් මට්ටමක වැඩක්. එතුමිය සමග පෞද්ගලික අමනාපයක් මට නැහැ. ඒ වුණාට වසර තිහක දේශපාලන ඉතිහාසයක් තිබෙන මට පදනම් විරහිත ප්‍රකාහ කළාම එතුමියට උත්තර දිය යුතුව තිබෙනවා. එතුමියට උසාවියේ නඩුවක් තිබෙන අවස්ථාවක වෙනත් කෙනෙකුට මෙවැනි අභූත චෝදනා එල්ල කරන එක වැරදියි. එතුමියට මගෙන් අහන්න තිබුණා.”

“මම කිසි දිනෙක රට පාවා දෙන අයෙක් නොවේ. මාතෘ භූමිය මුල් තැනට තියා දේශපාලනය කරන කෙනෙක්. මෙම ප්‍රකාශයෙන් පසුවත් එතුමිය මට තවදුරටත් චෝදනා කරනවා නම් මට කරන අපහාසයක් ලෙස සලකා මගේ කීර්ති නාමයට කරන හානියක් ලෙස එතුමියට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමටද කටයුතු කරනවා”

Check Also

ඒකාබද්ධය දකින්නේ දවල් සිහින…..එදා රට විකුණාගෙන කණකොට අද කෑ ගහන අය තිත්ත බෙහෙත් බිව්ව ගොලුවෝ වගේ

ඒකාබද්ධය දකින්නේ දවල් සිහිනයක් බවත් මෙම ආණ්ඩුව කිසි ජගතෙකුට සෙලවිය නොහැකි බව අමාත්‍ය වසන්ත අලුවිහාරේ ...