Home / Featured / රටේ නීතිපති වෙන්න තිබුන අවස්ථාව මට අහිමි වුනා-ඇතැම් ඇය මට අරයාගේ පස්සේ යන්න මෙයාගේ පස්සේ යන්න කිව්වා
Priyasath-Dep_SINHALA_NEWSALERT

රටේ නීතිපති වෙන්න තිබුන අවස්ථාව මට අහිමි වුනා-ඇතැම් ඇය මට අරයාගේ පස්සේ යන්න මෙයාගේ පස්සේ යන්න කිව්වා


අද අධිකරණ ක්ෂේත්‍රයේ බැරෑරුම් ප්‍රශ්න තියෙන බව අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් පවසයි.ජාඇල වැලිගම්පිටිය සාන්ත ආනා දෙව්මැදුරේ පැවැති විශේෂ දේව මෙහෙයකට සහභාගි විමෙන් අනතුරුව අදහස් දක්වමින් අග්‍රවිනිශ්චයකාරවරයා කියා සිටියේ තමන් පසුබෑම්වලට ලක්වන අවස්ථාවලදී දෙවියන් වහන්සේගේ පිහිට පැතු බවයි.

යුක්තිය පසිඳලීමේදී ඉතාමත් වැදගත් කාර්යයක් තමයි නීතිය හා සාමය ආරක්ෂා කිරීම හා යුක්තිය ඉෂ්ඨ කිරීම. අද අධිකරණ ක්ෂේත්‍රයේ බැරෑරුම් ප්‍රශ්න තියෙනවා. නඩු ප්‍රමාද වෙනවා. ඒ වගේම අඩු ආදායම්ලාභීන්ට උසාවි පැමිණ සහන ලබා ගැනීම අපහසු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නා.

එම තත්ත්වය වෙනස් කර අධිකරණ ක්ෂේත්‍රය දියුණු කිරීම අපි සියලුදෙනාගේ අභිලාෂය බවත් ඒ සම්බන්ධ කටයුතු කිරීමට තමන්ට ධෛර්ය ඇතැයි සිතන බවද අග්‍රවිනිශ්චයකාරවරයා අවධාරණය කර සිටියා.

“මා නීති ක්ෂේත්‍රය තුළ කටයුතු කරද්දී අධෛර්යට පත්වූ අවස්ථා තිබුණත් මා එම අවස්ථාවලදී හැමවිටම දෙවියන් වහන්සේ විශ්වාස කරමින් උන්වහන්සේගේ කැමැත්ත අනුව කටයුතු සිදුවන බව පිළිගත්තා. මම පුංචි කාලයේ මේ දේවස්ථානයට පැමිණි අවස්ථාවලදී කවදාවත් හිතුවේ නෑ මේ රටේ අගවිනිසුරු ධුරය දක්වා පැමිණේවි කියා. නමුත් මා වඩාත් කැපවීමෙන් හා මහන්සියෙන් කටයුතු කිරීම වගේම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිසා මේ ගමන පැමිණියා.”

“මම අවුරුදු තිස් ගණනක් නීති ක්ෂේත්‍රයේ කටයුතු කරලා 2008 දී වැඩබලන නීතිපති වශයෙන් සේවය කළා. මට ඒ අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ 125 වැනි සංවත්සරයේදී මේ රටේ නීතිපති වෙන්නයි අවස්ථාව තිබුනේ. නමුත් මට එම අවස්ථාව අහිමි වුණා. පිටස්තර කෙනෙකු ඒ අවස්ථාවේ පාලනය විසින් පත් කෙරුවා. ඒක මගේ ජීවිතයේ පසුබෑමක් වුණා.”

“ඒ අවස්ථාවේ මම හිතුවා මගේ නීති ජීවිතයේ අවසානය වෙන්නත් පුළුවන් කියලා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගන්නත් හිතුව. 2011 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු වශයෙන් මම පත්වුණා. ඒ පමාවීම මට ලැබුන විටත් මට වඩා කනිෂ්ඨ නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි අය මහාධිකරණ විනිසුරුවන්ව සිටියා. ඒ තත්ත්වය යටතේ වැඩ කරලා මට ‍‍‍ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාර ධුරය දක්වා ඇවිල්ලා අද අගවිනිසුරු ලෙස කටයුතු කරන්න හැකියාව ලැබිලා තියෙනවා.”

“ඇත්තටම කියන්න ඕනේ මම පසුබෑම්වලට ලක්වන අවස්ථාවලදී දෙවියන් වහන්සේගේ පිහිට පැතුවා. මම හැමවිටම හිතුවේ දේව කැමැත්ත තමයි වඩාත්ම උතුම් කියලා. යම් යම් තනතුරු මම දරද්දී ඇතැම් පුද්ගලයෝ මට ඇවිල්ලා කිව්වා අරයාගේ පස්සේ යන්න මෙයාගේ පස්සේ යන්න කියලා.මම ඒවා පිළිගත්තේ නෑ. මම හිතුවා ඒ අයටත් වැඩිය උඩින් දෙවියන් වහන්සේ තමයි ඉන්නේ කියලා. අවසානයේදී දැන් මම ඉතාමත් වැදගත් රාජකාරියක් කරන්නේ. අගවිනිසුරුවරයා වශයෙන් අධිකරණයේ මූලිකයා ලෙස මම දැන් කටයුතු කරනවා. නමුත් තනි පුද්ගලයෙක් වශයෙන් මට ඒ රාජකාරිය කරන්න අපහසුයි. අන් අයගේ සහායත් මට ඒ සඳහා ලැබිය යුතුයි.”

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *