Home / Featured / මම දවසකට කිලෝමීටර් හතළිහක් පමණ පයින් ගියා -පසුගිය අවුරුදු දෙකේ ශ්‍රීලනිපය ශක්‌තිමත්ව ඉදිරියට ගියා
MaithripalaSS_SINHALA_NEWSALERT

මම දවසකට කිලෝමීටර් හතළිහක් පමණ පයින් ගියා -පසුගිය අවුරුදු දෙකේ ශ්‍රීලනිපය ශක්‌තිමත්ව ඉදිරියට ගියා


ඕනෑම දූෂිතයෙකුට සුදු රෙදි හැඳ මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකිවූයේ මනාප ඡන්ද ක්‍රමය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.ඊයේ (19) පෙරවරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ විසින් ආරම්භ කරන ලද දේශපාලන ශාස්ත්‍රාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ කවුරු මොනවා කිව්වත් පසුගිය අවුරුදු දෙකේ ශ්‍රීලනිපය ශක්‌තිමත්ව ඉදිරියට ගිය බවයි.

අද පක්ෂයේ සංවිධායක තනතුරක් ලබා දුන් පසු වාහනයක් නැතුව මේ වැඩේ කරන්නේ කොහොමදැයි අසන බවත් තමන් එක දවසකට කිලෝමීටර් හතළිහක් පමණ පයින් ඇවිදිමින් පක්ෂයේ දේශපාලන වැඩ සිදු කළ බවද ජනාධිපතිවරයා පැවසීය.

අද දේශපාලනය කරන අයට දේශපාලනයේ දුක් විඳ පුරුද්දක් නැති බවත් තමා කිලෝමීටර් හතළිහක් පයින් යමින් පක්ෂයේ තරුණ සංවිධාන හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු බලය තිබූ හැත්තෑව හැත්තෑහත කාලය තුළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඕනෑම දූෂිතයෙකුට සුදු රෙදි හැඳ මැතිවරණ ජයග්‍රහණය කිරීමට හැකිවූයේ මනාප ඡන්ද ක්‍රමය නිසා දේශපාලන පක්ෂවල ඇදවැටීමත් පුද්ගලාභිවන්දනයත් සිදු වූ මෙම දේශපාලන ක්‍රමය නිවැරදි කළ හැක්කේ දැනුම සහ අවබෝධය ලබාදීමෙන් බව ද ජනාධිපතිවරයා කියාසිටියා.

රජුන් ඉදිරියේ ප්‍රශස්ති ගයන දේශපාලන සම්ප්‍රදායකට ඉදිරියේදී ඉඩ නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා දැනුම, බුද්ධිය සහ අවබෝධය සමග කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් මෙම ශාස්ත්‍රාලය ආරම්භ කිරීමට පියවර ගත් බව ද අවධාරණය කර සිටියා.

“අද පිරිසුදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට තිබෙන ප්‍රධානම අභියෝගය දේශපාලනඥයන්ට අත්දැකීම් නොමැතිකම බව වරෙක ඇද වැටෙමින්, වරෙක නැගිටිමින් ඉදිරියට ආ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ගමන් මග පිළිබඳ පක්ෂයේ සෑම තරුණ දේශපාලනඥයෙකු තුළම අවබෝධයක් තිබිය යුතුයි…”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුත්තේ පිරිසුදු හා අවංක දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් බවත් පසුගිය වසර දෙක තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ගමනක් පැමිණ තිබෙන බවත් පක්ෂයේ කාන්තා හා තරුණ සංවිධාන සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කෙරෙන බවත් කියා සිටියේය.

නිවැරදි දර්ශනයක්, ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැතිව දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉදිරියට යාමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා ලොව කොතැනක හෝ සිදුව නොමැති එවැන්නක් ඉදිරියට ද සිදු නොවන බව කියා සිටියේය.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *