Home / Featured / බැදුම්කර සල්ලි රටෙන් පන්නන සැලසුමක් … අත හිත ආණ්ඩුවෙන් …බැදුම්කර වංචාවත් නිදොස්

බැදුම්කර සල්ලි රටෙන් පන්නන සැලසුමක් … අත හිත ආණ්ඩුවෙන් …බැදුම්කර වංචාවත් නිදොස්

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් පරීක්ෂණයක් සිදු කර තිබියදීත් , ඒ ගැනම සොයන්න ජනාධිපති කොමිසමක් පත් කිරීම හා සිදු වන්නේ, කාලය කා දැමීමක් පමණක් බවත් ඒ කාලය අතරතුර බැදුම්කර සල්ලි රටෙන් පිට කර යැවීම පවා සිදුවිය හැකි බව , කෝප් කමිටු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති පවසනවා .යාපනයේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,

“ජනාධිපති කොමිසමක් පිහිට වූවා .කෝප් කාමරේ ඇතුලේ කතා කල හැමදේම තමා දැන් මේ එළියේ කතා කරන්නේ .දැන් මේ ගත වෙන කාලය තුළ මොකද වෙන්නේ ? හොරකම් කල අයට කිසි බාධාවක් නෑ .හොරකම් කල සල්ලි ටික රටෙන් අරගෙන යනවා .

බැදුම්කර වංචාවෙන් හොයපු සල්ලි වලින් වෙන ව්‍යාපාර පටන් ගන්නවා .ඒක තමා කවුරුත් නතර කරලා නෑ .ප්‍රාථමික තැරැව්කරුවන්ගේ ලැයිස්තුවෙන් ඔවුන්ව තාම ඉවත් කරලා නෑ .ඔවුන් මේ වංචා කල ගිණුම් වලින් ඔවුන් අයින් කරලා නෑ .මගේ හොරකම අහුවෙන දවසකදී මම ආයේ මේ ටික භාර දෙන්න කියලා හොරකම් කල සල්ලි මොන හොරෙක්වත් අරන් තියන්නේ නෑනේ .එතකොට ආණ්ඩුව මේ කරන්න හදන්නේ ස්ථාලය හදලා දෙන්න,පැනලා යන්න හොරුන්ට .එතකොට එයාලා ඒ සල්ලි වලින් මාධ්‍ය වැඩ පටන් ගනී .ව්‍යාපාර පටන් ගනී .එතකොට ඔවුන් කියන්න පුළුවන් කවදා හරි දවසක අපි මේවා ස්කාගාරවලින් හොයලා තියෙනවා .මාධ්‍ය වලින් හොයලා තියෙනවා .අපිට තව බිස්නස් තියනවා කියලා කියයි .

අපි කෝප් කමිටුව හරහා මේ ගැන විමර්ශනයක් කලා නේ .එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට තිබුණේ තව මේ හොරුන්ව ආරක්ෂා කර ගන්න ,බැදුම්කර වංචාව යට ගහන්න ක්‍රමයක් හොයන්න නෙමේ .දැන් ජනාධිපති කොමිසමක් පිහිටවූවා ,මේ ගැන හොයන්න .දැන් එදා අපි කෝප් කමිටුව කාමරේ ඇතුලේ , කතා කරපු දේවල් මේ අය එළියේ කතා කරනවා ජනාධිපති කොමිසම හරහා .මේ කාලය ගැනීමක් තමා සිදු කරන්නේ .මේ කාලය තුළදී බැදුම්කර සල්ලි කොහොමහරි රටෙන් පිට කරයි.

දැන් අපි දන්නවා අගමැති යන සාකච්ඡාවල මේ අය ඉන්නවා .රැස්වීම් වල ඉන්නවා .ඔහු ආණ්ඩුවේ කටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා .”

විපක්ෂනායක ආර් .සම්බන්ධන් ගැනද ඔහු අදහස් පල කළා.

“දැන් මේ රටේ විපක්ෂනායක තමා අපේ සම්බන්ධන් මැතිතුමා .දැන් අපි අහනවා විපක්ෂනායකතුමාගේ ස්ථාවරය මොකක්ද සයිටම් ප්‍රශ්නය ගැන ?බැදුම්කර ප්‍රශ්නය ගැන ? හාල් මිල ගැන ?නියගය ගැන ? කෝ මුකුත් කියන්නේ නෑනේ .අපේ රටේ විපක්ෂනායකතුමෙක් ඉන්නවා රටේ විපක්ෂනායක නෙමේ .අඩු තරමේ එතුමා නියෝජනය කරන පළාතෙවත් විපක්ෂනායක නෙමේ .මොකක්ද එතුමාගේ කාර්ය භාරය ?”

Check Also

මේ හැමදේම කලේ බැසිල් රාජපක්ෂයි- MSටයි MRටයි එකම ආණ්ඩුවක ඉන්න පුළුවන් නම් දැන් මොකද්ද ප්‍රශ්නේ

උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඉවත් කර නව සභාපතිවරයෙක් පත් වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ...