Home / Featured / විරුවන් වෙනුවෙන් රටවල් 05 ක ශ්‍රි ලාංකික එකමුතුවක් …මහා විරෝධතාවයක්

විරුවන් වෙනුවෙන් රටවල් 05 ක ශ්‍රි ලාංකික එකමුතුවක් …මහා විරෝධතාවයක්

30 වසරක යුද්ධය නිමා කල රණවිරුවන්ට සහ එයට එරෙහිව නායකත්වය දුන් , පිරිසට යුධ අපරාධ චෝදනා නගමින් අන්තර්ජාතික අධිකරණයක් ඉදිරියේ දඩුවම් ලබා දීමේ යෝජනාවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට ගෝලිය ශ්‍රි ලාංකික සංසදය තීරණය කර තිබෙනව. ඒ අනුව ලබන 22 දා පස්වරුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ගෝලිය ශ්‍රි ලංකා සංසදය විසින් මේ විරෝධතාවය පැවැත්වීමට නියමිතයි.

මේ විරෝධතාවය සදහා ස්විට්සර්ලන්තය ,ප්‍රංශය , ඉතාලිය ,කැනඩාව ,ජර්මනිය යන රටවල ජීවත්වෙන විශාල ශ්‍රි ලාංකිකයන් පිරිසක් එක් වීමට නියමිතයි.අදාළ විරෝධතාවයට සහභාගි වීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින්  විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරට ලබා දුන් වාර්තාව අනුව ශ්‍රි  ලංකා හමුදාවට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවද ,  ගෝලිය ශ්‍රි ලංකා සංසදය සදහන් කළා .

 

Check Also

සති ගාණක පටන් මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර පිට ප්‍රහාර … මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ …රජය සීරුවෙන් !

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල ...