Home / Featured / ලසන්ත වික්‍රමතුංගගේ හිසට උල් ආයුධයකින් පහර දීලා වෙඩි තබා නෑ …CID ය අධිකරණයට දන්වයි
LASANTHA_LNA_20_03_2016

ලසන්ත වික්‍රමතුංගගේ හිසට උල් ආයුධයකින් පහර දීලා වෙඩි තබා නෑ …CID ය අධිකරණයට දන්වයි


ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID අද (20) අධිකරණයට දැනුම් දුන්නා .

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ , උල් ආයුධයකින් පහරදීමෙන් හිසට ඇති වු දැඩි තුවාලයක් හේතුවෙන් බව , වෙඩි තැබීමක් සිදුව නැති බවත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

අධිකරණ නියෝග මත ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය ගොඩ ගෙන වෙනම වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් පරීක්ෂා කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තාව අනුව ඒ බව හෙළිවූ බවද CID ය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළා.

මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත්, එවක මධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

 

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *