Home / Featured / රට අස්ථාවර කිරීමේ එන්.ජී.ඕ. කුමන්ත්‍රණයක් -පාරට බැසීම දේශපාලන බලය පෙන්වීමේ උපක්‍රමයක්
NGO_SINHALA_NEWSALERT

රට අස්ථාවර කිරීමේ එන්.ජී.ඕ. කුමන්ත්‍රණයක් -පාරට බැසීම දේශපාලන බලය පෙන්වීමේ උපක්‍රමයක්


අයිතීන් දිනාගැනීමේ මුවාවෙන් සමහර දේශපාලන අන්තවාදීන් විසින් රට අස්ථාවර කිරීමේ එන්.ජී.ඕ. කුමන්ත්‍රණවල නිරතව සිටින බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.දිනපතා මහජනතාව පීඩාවට පත්කරමින් සිදුකරන උද්ඝෝෂණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ 2015 ජනවාරි 08 වැනිදා මෙරට ජනතාව ඒකාධිපතිවාදය සහ සුදු වෑන් සංස්කෘතියට තිත තබා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වු බවයි.

“අද වනවිට පූර්ණ වශයෙන් රට තුළ මාධ්‍ය නිදහස, කතා කිරීමේ නිදහස, නිදහස් මත දැරීමේ අයිතිය තහවුරු කිරීම මෙන්ම, අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් ආරක්ෂා කරමින් ස්වාධීන කොමිෂන් සභා යළි පණගන්වමින් කර ඇති පුළුල් කාර්ය භාරය භෞතිකව ස්පර්ශ කළ හැකි යථාර්ථයක් නොවේ. එකී නිදහස යථාර්ථයක්ව තිබියදී එය දඩමීමා කරගෙන ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් පාරට බැසීම දේශපාලන බලය පෙන්වීමේ උපක්‍රමයක් බවට පත්වෙලා.”

“සාධාරණ අයිතීන් දිනා ගැනීමට සෑම පුද්ගලයකුටම අයිතියක් තිබෙනවා සේම එම ඉල්ලීම් සාධාරණ ලෙස විමර්ශනයට ලක්කර ඉටුකර දීමට රජයටද වගකීමක් තිබේ. නමුත් සමාජයට ඔරොත්තු නොදෙන, රජයට එකඟ විය නොහැකි ඉල්ලීම් යොමු කරමින් විකෘති සම්ප්‍රදායක් තුළ එම ඉල්ලීම් ඉටුකර ගැනීමට මෙම අන්තවාදී පිරිස් උත්සාහ කරමින් සිටී. ඔවුන් මහාමාර්ග අහුරමින්, කාර්යාල නිමවී යළි නිවසට යන ජනතාව පීඩාවට ලක් කරමින් ‍පොදු මහජනතාව තුළ රාජ්‍ය විරෝධයක් බලහත්කාරයෙන් ඇති කරවීමට නිරන්තරව උත්සාහ දරයි.”

“අවිචාරශීලී උද්ඝෝෂණ සහ කඩාකප්පල්කාරී ක්‍රියා තුළින් විදේශ ආයෝජන ඇතුළු රටේ සංවර්ධන ක්‍රියාවලියට බාධා ඇතිවන බව මෙම අන්තවාදී පාර්ශ්වයන් නොදන්නවා නොවේ. එහෙත් පසුගිය රජයේ දේශපාලන මතවාදයන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේ කොන්ත්‍රාත් ඉටු කරමින් මුදල් ඉපැයූ මෙම එන්.ජී.ඕ. නඩ දේශීය සහ විදේශීය කුමන්ත්‍රණයක නිරතව සිටින බව සාධාරණ සැක මතුවන තත්ත්වයක් බවට පත්ව අවසන්.”

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *