Home / Featured / හයිබ්‍රිඩ් අධිකරණය, මහින්දගේ වැඩක් … ඔහු ඊට වගකිව යුතුයි …
TILVIN_LNA_20_03_2016

හයිබ්‍රිඩ් අධිකරණය, මහින්දගේ වැඩක් … ඔහු ඊට වගකිව යුතුයි …


පසුගිය යුද සමයේ මානව හිමිකම් කඩවීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා පරීක්ෂණ අරඹා මෙරට අධිකරණ ක්‍රියාවලියකින් පමණක් දඬුවම් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා .

පසුගියදා පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ටිල්වින් සිල්වා ,

“මේ ආණ්ඩුව තුළ ඒකමිතියක් නැහැ. මේ ආණ්ඩුවේ දකුණු අත කරන දේ වම් අත දන්නේ නැහැ, වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. දැන් මේ අපේ රටට නැති ප්‍රශ්නයක් ගෙනත් දාගෙන තියෙන්නේ. ඒ ප්‍රශ්නය ගෙනත් දාගත්තේ පහුගිය මහින්ද මහත්තයාගේ ආණ්ඩුව. ඒවා නොසලකා සිටීම නිසා ජාත්‍යන්තර ප්‍රජාවන්ට විශේෂයෙන්ම ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන් වුණා මානව හිමිකම් ප්‍රශ්න පාවිච්චි කරලා ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගන්න.

ඒ නිසා ලංකාවට එරෙහිව මේ යෝජනාව සම්මත වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්න කාළේ එයාට මේක පරද්ද ගන්න බැරි වුනා. ඒ යෝජනා මත ඉඳන් තමයි දැන් ඒ ගොල්ලෝ අපිට බලපෑම් කරන්නේ. ඒ යෝජනාව තුළ තමයි තියෙන්නේ ලංකාවේ යුද අපරාධ සම්බන්ධ පරීක්ෂණයක් කරද්දි විදේශ විනිශ්චයකරුවන් ගැනීම කළ යුතුයි කියලා නිර්දේශයක්.

අපි ඉතා පැහැදිලිව කියන දේ තමයි ලංකාවේ මානව හිමිකම් කඩවී තිබෙනවා නම් ඒ සම්බන්ධව පරීක්ෂණ කළ යුතුව තිබෙනවා. හැබැයි ඒක කළ යුතුව තියෙන්නේ අපේ රටේ අධිකරණයකින් මිසක් විදේශ රටවලින් නෙවෙයි. මොකද විදේශ රටවල්වලට කිසිම අයිතියක් නැහැ අපේ රටේ ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න.

ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ බලවේගයන්ට අතපොවන්න ඉඩකඩ සලසන එක වැරදියි.”

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *