Home / Featured / මහ බැංකු සුද්දය වහන්න සූදානමක් … රටට වූ පාඩුව පියවා ගන්න රාජ්‍ය ආයතන විකුණති ?
MAHENDHRAN_LNA_21_03_2016

මහ බැංකු සුද්දය වහන්න සූදානමක් … රටට වූ පාඩුව පියවා ගන්න රාජ්‍ය ආයතන විකුණති ?


මහ බැංකු බැදුම්කර වංචාවෙන් කොල්ල කෑ මුදල පියවා ගැනීමට ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව ,ලිට්රෝ ගෑස් සමාගම ,සහ ලංකා හොස්පිටල් ආයතනය කොටස් වෙළද පොළ තුළ ලැයිස්තුගත කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව , දුෂණ විරෝධි හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරනවා.ඔහු පැවසුවේ බැදුම්කර වංචාවේ පාඩුව පියවා ගන්න රාජ්‍ය දේපළ විකිණීමේ කූඨ මෙහෙයුම නවතා බැදුම්කර දුෂිතයින්ට වහාම දඩුවම් ලබා දිය යුතු බවයි.

බැදුම්කර වංචාව හරහා සේවක අර්ථ සාධක මුදලට රුපියල් කෝටි 1500 ක මුදල් සුදු සල්ලි කරමින් දැවැන්ත ව්‍යාපෘතිවල යොදවන අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට එක්තරා රූපවාහිනි නාළිකාවකට ණය මුදලක් ලබා දෙන මුවාවෙන් රුපියල් මිලියන 500 ක් ලබාදී එම නාලිකාව මිලදී ගැනීමට සූදානමක් පවතින බවද ඔහු සදහන් කළා.

තවත් මාධ්‍ය ආයතන රැසක් වක්‍රාකාරයෙන් මිලදී ගැනීමට සූදානමක් පවතින බවත් , නිලාවේලි ප්‍රදේශයේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු අනාවරණය කළා .

බැදුම්කර වංචාව සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසම පත් කිරීම බැදුම්කර වංචාව යට ගැසීමේ කුමන්ත්‍රණයක් බවත් ,මේ හරහා සිදු වන්නේ ,බැදුම්කර හොරුන්ට දඩුවම් දීම දිනෙන් දිනම කල් යෑම පමණක් බවද ඔහු කියා සිටියා .

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *