Home / Featured / එජාප බලකොටුව බිදින්න සූදානම් … කොළඹ නගර සභා බලය අපි අල්ලනවා
BASIL_LNA_21_03_2016

එජාප බලකොටුව බිදින්න සූදානම් … කොළඹ නගර සභා බලය අපි අල්ලනවා


ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සදහා නායකත්වය ලබා දෙන්නේ මහින්ද රාජපක්ෂ බව ,හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා . මැද කොළඹ ඛෙත්තාරාමේදි පැවති රැස්වීමකදි ඔහු මේ බව කියා සිටියා.

ජනතාවගේ ශක්තිය නොමදව ලැබුණහොත් ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය පරාජය කරමින් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ ජයග්‍රහණය කරවන බවද ඔහු සදහන් කළා.

ශ්‍රී ලංකාවේ ලබාලම පක්ෂය වන ශ්‍රීලංකා පොදු ජන පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සියලු මැතිවරණවලට ඉදිරිපත් වනවා, කොළඹ නගර සභාව පොහොට්ටුව ලකුණෙන් සියල්ල මගේ සහයෝගයෙන් තරග කොට ශ්‍රීලංකා පොදු ජන පක්ෂය ජයග්‍රහණය කරවනවා. මෙය දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂය පරදවා කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීමක් වේවි .අපේ පක්ෂය ඡන්ද කඩන හෝ ඡන්ද බෙදන පක්ෂයක් නොව, අපේ නව පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ඡන්ද දිනන පක්ෂයක් බව “ඔහු අවධාරණය කළා.

මේ අතර පසුගියදා පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ තවත් ජන හමුවක් අමතමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ ,

අද මේ රටේ හැම ජන කොට්ඨාශයක්ම ,උගතුන් ,බුද්ධිමතුන් ,කම්කරුවන් ,ගොවියන් ,ගෘහණියන් හැම කෙනෙක්ම කල කිරිලා .ඒවගේම තමා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනප්‍රිය හැම කෙනාගේම ආදරය දිනා ගත්ත ,ගෞරවය දිනා ගත්ත පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා .එතුමා පක්ෂයකට අයිති කෙනෙක් නෙමේ .මේ ජාතියට අයිති කෙනෙක් .ජනාධිපති කෙනෙක් හැටියට නෙමේ ,ඊටත් උඩට ඔසවලා තබන්න තරම් ජනතාව එතුමා වටේ එකතු වෙලා ඉන්නවා .මේ කාරණා විතරක් මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට හේතු වන්නේ නෑ .මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂට තියන ආදරය ,මේ ආණ්ඩුවේ අදක්ෂකම ,දුෂණය ,වංචාව සහ අකාර්යක්ෂමතාව නිසාම මේ ආණ්ඩුවට ඡන්දයක් තියන්න බෑ.

lna-247-sms

Instant SMS Alerts of Lanka News Alert : type REG lna247 and SEND the SMS to 77002

[ Dialog & Hutch Only ]



Advertise-Here

Check Also

MY3_LNA_23_03_2016

හිත රිදෙන තීන්දු… ජනාධිපතිගෙන් දැඩි තීන්දු ගන්න සූදානම්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ඉදිරි සති කිහිපය තුළදී , දේශපාලන සහ ආර්ථික වශයෙන් ඉතා වැදගත් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *