රෝගියෙකු මුවාවෙලා අධිකරණය නොමඟ යවලා

0

රෝගියෙකුගේ මුවාවෙන් අධිකරණය නොමඟ යවා සෞඛ්‍ය වෘත්තිය ක‍්‍රියාමාර්ගයට වාරණයක් ගැනීමට එරෙහිව රුපියල් ලක්‍ෂ 200 ක වන්දියක් ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති 16 ක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ විරෝධතා ගොනු කර තිබේ. පසුගිය නොවැම්බර් 27 සහ 28 වනදා පැවැති වර්ජනයට අදාළව අධිකරණය හමුවේ පෙනි සිටියේ බොරැල්ල, මැගසින් පාරේ රඹුක්වැල්ල හේරත් මුදලිගේ පාලිත හේරත් යන අයයි.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මෙම පුද්ගලයා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රෝහල් ගතව පසු දින රෝහලෙන් බැහැර වු මෙම පුද්ගලයා කිසියම් සංවිධානාත්මක පිරිසකගේ අවශ්‍යතාව මත සිදු කර එකක් බවයි. තව ද සෞඛ්‍ය අමාත්‍යංශය හා වෘත්තිය සමිති අතර ගනුදෙනු වු ලිපි ලේඛන රෝගියා සිටි පැය 24 තුළ ඉදිරිපත් කළ පැමිණිල්ලට ඇතුලත්ව තිබෙන බව ද එම සංගමය පවසයි. ඒ හෙයින් වෘත්තීය සමිති විසින් නිත්‍යානුකුල කැඳවනු ලැබු වැඩ වර්ජනයක් හේතුවෙන් එයට බාධා පමුණුවා සිදු කළ අසාධාරණයට එරෙහිව වන්දියක් වශයෙන් රුපියල් ලක්‍ෂ 200 ක් ඉල්ලා ඇති බව එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.