Home / ව්‍යාපාරික / ජාත්‍යන්තර මෙහෙයුම් ව්‍යාප්තියට- ශ‍්‍රී ලාංකාවේ ICT දැවැන්තයෙකුගෙන් පියවර

ජාත්‍යන්තර මෙහෙයුම් ව්‍යාප්තියට- ශ‍්‍රී ලාංකාවේ ICT දැවැන්තයෙකුගෙන් පියවර

ඩිජිටල් මාකටින් ලොව වේගයෙන් ව්‍යාප්ත වන අවස්ථාවක, ශ‍්‍රී ලංකාව මූලික කරගෙන ක‍්‍රියාත්මක eBEYONDS තොරතුරු තාක්‍ෂණ සේවා ආයතනය, සිය ව්‍යාපාර මෙහෙයුම් ජාත්‍යන්තර වශයෙන් පුඵල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව eBEYONDS ආයතනය තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ ව්‍යාපාර වලට උපායමාර්ගිකව සම්බන්ධ වෙමින් හා ලොවපුරා නියෝජිත ජාලයක් පත්කරමින් සිය සේවා කටයුතු ජාත්‍යන්තර වශයෙන් පුඵල් කිරීම සිදු කරනු ලබයි.

පරිණත අත්දැකිම් සහ ප‍්‍රවිණත්වය සමග ඩිජිටල් මාකටින් සේවාවන් සපයන eBEYONDS ආයතනයේ සියලූ සේවා ලාභීන්ගේ දියුණුවට සුවිශේෂි දායකත්වයක් මේ තුලින් ලැබි ඇත.

වසර 2007 දි eBEYONDS ආයතනය, ” Raffles Hotels & Resorts සහ Millennium & Copthorne Hotels වැනි ජාත්‍යන්තර හෝටල් ජාලයන්ට සේවා සපයමින්, සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කරන ලදි. වර්ථමානයේදි TravelClick, IFC-World Bank සහ UNDP වැනි ජාත්‍යන්තර සංවිධාන සහ ආයතනවලට මෙන්ම Dilmah Tea සහ Odel වැනි ප‍්‍රමුඛ පෙලේ දේශීය සමාගම්වලට ද සේවා සපයමින් සිටියි.

දශකයක් වැනි දිර්ඝ කාලයක් සත්කාරක සංග‍්‍රහ ක්‍ෂෙත‍්‍රයේ (Hospitality) ඩිජිටල් මාකටින් සේවා සැපයීමේ අත්දැකීම් සමග eBEYONDS ආයතනය, ආපනශාලා සදහා සුවිශේෂි ඩිජිටල් මාකටින් සේවා රැසක් හ`දුන්වා දී තිබේ. මෙම සේවාව ම`ගින් වර්තමානයේ ආපනශාල ව්‍යාපාර කටයුතුවල පවතින අතිශය තරගකාරිත්වයට හා අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට eBEYONDS සේවාලාභීන්ට හැකියාව ලැබේ.

වර්තමානයේ සාර්ථක ආපනශාලාවක් පවත්වා ගැනීම සදහා වෙබ්, ජංගම සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ඒකාබද්ධ අලෙවිකරණ උපායමාර්ගයක් ක‍්‍රියාත්මක කළයුතු බව eBEYONDS ආයතනයේ විශ්වාසයයි.

SMS හෙවත් කෙටි පණිවුඩ සන්නිවේදනය, මනා දෘෂ්‍ය සන්නිවේදනය මගින් අලෙවිකරණය හා සේවාකයන්ගේ පළදායිතාව විමර්ශනය 2017 වර්ෂයේ ආපනශාලා ව්‍යාපාරකරණයේ ප‍්‍රධාන නැඹුරුතාවන් ලෙස හැදින්විය හැකියි. මෙම නැඹුරුතාවන් සමග ව්‍යාපාරකරණය මුසුකරගැනීමට හැකි ආපනශාලා හිමියන් සැබෑ ජයග‍්‍රාහකයන් බව eBEYONDS ආයතනය පවසයි. ඒ ස`දහා ආපනශාලාවලට සහයෝගය ලබාදීමට eBEYONDS ආයතනය සූදානමින් සිටියි.

තොරතුරු තාක්‍ෂණය දත්ත තාක්‍ෂණය (Data Technologies) වෙත සංක‍්‍රමණය වෙමින් පවතින වකවානුවක, eBEYONDS ආයතනය, සිය ආචාර්යධර්ම, සේවා ප‍්‍රමිතිය හා ආරක්‍ෂා පිළිබදව සුවිශේෂි සැලකිල්ලක් දක්වමින් තොරතුරු තාක්‍ෂණ විසදුම් ලබාදෙයි. මෙම විසදුම්වල විශේෂත්වය වන්නේ සහනදායි මිලට ජාත්‍යන්තර තත්ත්වයේ සේවාවක් ආපනශාලාවලට ලබාගැනීමට හැකිවීමයි.

eBEYONDS ආයතනයේ ඩිජිටල් අලෙවිකරණ සේවා ලොවපුරා ප‍්‍රවර්ධනය කිරීමේ නියෝජිතයෙකු ලෙස පත්වීම මගින් ඕනෑම අයෙකුට අලෙවිකරණ සහය සහ උපදෙස් eBEYONDS ආයතනය විසින් ලබාදෙයි. වර්තමාන ඩිජිටල් අවකාශය තුල eBEYONDS ආයතනයේ ඩිජිටල් මාකටින් විසදුම් සෑම ව්‍යවසායකයෙකුට හා ව්‍යාපාරයකම සාර්ථකත්වයට අතිශය වැදගත් වේ.

අංක 370, හයිලෙවල් පාර, පන්නිපිටියේ පිහිටි eBEYONDS ආයතනය සමග දුරකථන අංක 011 2840617 /8 හෝ [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ ඔබට සම්බන්ධ විය හැක. එහි වෙබ් ලිපිනය වන්නේ www.ebeyonds.com යයි.

Check Also

බොරු චෝදනා මහා මුහුදට දමා… ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාභයක් වාර්තා කරයි…

2016 වර්ෂයේදී, එනම් පසුගිය වර්ෂයේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 11ක ලාභයක් ලැබීමට සමත් ...

One comment

  1. These are really enormous ideas in about blogging.
    You have touched some good points here. Any way keep up wrinting.

    Real Madrid Tröja