විමල් අන්තෙටම වැටේ …දැඩි අසනීපයෙන් උපවාසය අත් නොහරී …සටන එලෙසමයි

0

උපවාසයක නිරතව සිටින ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ ශරීර තත්වය පිරිහෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා. පැය 04 කට වරක්,මන්ත්‍රිවරයාගේ ශරීරය වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා .

මන්ත්‍රිවරයාගේ සුව දුක් බැලීම සදහා හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක්ද ඊයේ වැලිකඩ බන්ධනාගාරය වෙතද පැමිණියා.

මේ අතර ඊයේ දිනයේදීම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිද ශෂී වීරවංශ සහ රිජ්වේ ආර්ය ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමාෂා වීරවංශ දැරියද වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියා .

නමුත් ශෂී වීරවංශ ට සිය සැමියාගේ සුවදුක් විමසීමට ඉඩක් නොලැබුණු අතර දියණියට ඒ සදහා අවස්ථාව ලැබී තිබිණි.මාධ්‍යවේදීන් සිය පියාගේ සුවදුක් කෙසේදැයි විමසූ අවස්ථාවේ විමාෂා හඩමින් වැලපෙමින් පවසා සිටියේ ‘එයාට අමාරුයි.. එයා මට ඕනෙ’ යනුවෙනි.

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිලද ඊයේ විමල් වීරවංශගේ සුව දුක් බැලීම සදහා , වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අතර මන්ත්‍රිවරයාගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව ඔහු අදහන් කළා . ඉදගෙන කතා කිරීමටවත් විමල් වීරවංශට නොහැකි තත්වයක් උදාවී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් මන්ත්‍රිවරයා පිළිබදව බන්ධනාගාර වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින බවද බන්ධනගාර දෙපාර්තමේන්තුව කියා සිටියා.

විමල් වීරවංශ උපවාසය ආරම්භ කර මේ වන විට තෙදිනක්‌ ගතව ඇති අතර සිව් වන දියටත් අද දිනයේදී ඔහු උපවාසයේ නිරත වනවා.