Home / Featured / මහා ආර්ථික අවුලක් …වැඩේ බරපතලයි හම්බන්තොට චීනෙට දීම එකම විසදුමයි

මහා ආර්ථික අවුලක් …වැඩේ බරපතලයි හම්බන්තොට චීනෙට දීම එකම විසදුමයි

හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත පවරා දීම හරහා මෙරට ආර්ථිකයට ධනාත්මක බලපෑමක් සිදු වනු ඇති බව , මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්ස්වාමි පවසනවා.ඊයේ (24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මහ බැංකු අධිපතිවරයා ,

“මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ මට්ටමකට පැමිණෙනවා. ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන 100 ක් එනවා. ඊට මාස 03 කට පසු තව ඩොලර් මිලියන 300 ක් එනවා. ඉන් මාස 06කට පසු ඉතිරි ඩොලර් මිලියන 700 එනවා. කොහොම හරි ඩොලර් මිලියන 400 ක් මේ අවුරුද්දේ නිසැකවම එනවා.

හම්බන්තොට වරාය චීන සමාගමට පවරා දීම ලොකු ඩීල් එකක් . මේ හරහා ලැබෙන මුදල් නොතිබුණොත් ජනතාවට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ,ආර්ථිකමය වශයෙන් . මේ ඩීල් එක ඉස්සරාහට යන බවක් නම් පේන්න තියනවා . මේක ලොකු ප්‍රතිලාභයක්. මේ අවුරුද්දේ මේක සිදු වුණොත් හොදයි .

මේක අත්සන් කරනකොට ඩොලර් මිලියන 400 ක් අනිවාර්යෙන්ම එනවා .ඒ ගැන අපිට විශ්වාසයි.

මේ අවුරුද්දේ මුල් මාස 06 ක කාලයේදී ආණ්ඩුව ගොඩාක් සල්ලි ගන්න නිසා , පොලි අනුපාතය ඉහළ යනවා . නමුත් ආගෝස්තු මාසයෙන් පස්සේ ඒ පීඩනය අඩු වෙයි . “

ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් , මහ බැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කළා.

“2011 අගෝස්තු සිට 2012 පෙබරවාරි තෙක් අපි ඇ .ඩො .බි 4 ක් වියදම් කලා රුපියල ආරක්ෂා කරන්න .ඊට පස්සේ 2015 බිලියන 2 ක් වියදම් කලා . සංචිත වියදම් කරලා රුපියල ආරක්ෂා කරන්න බෑ . ඒකෙන් වෙන්නේ සල්ලිත් පුච්චලා දානවා .රුපියලත් පහලට වැටෙනවා . ඒක ප්‍රශ්නයක් .

දැන් අපි කරන්න ඕන නම්‍යශිලි විදියට රුපියල කළමණාකරනය කරන්න ඕන . හැබැයි ඒක හරි හෙමින් සිදු වේවි . “

 

Check Also

තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මම-මම හිටියේ 9 වෙනියාට අනිතිමට 12 වෙලා

“එදා මම ගියා නම්, එහෙමත් නැති නම් පසුගිය මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා ...