Home / ප‍්‍රාදේශිය / මහනුවර ගුවන් තොටුපල නිසා ඉඩම් අහිමි වුවෝ -ගුවන් තොටුපල ඉඩම වටලයි

මහනුවර ගුවන් තොටුපල නිසා ඉඩම් අහිමි වුවෝ -ගුවන් තොටුපල ඉඩම වටලයි

පසුගිය රජය මගින් මහනුවර ආරම්භ කිරීමට සැලසුම් කළ ගුවන් තොටුපල හේතුවෙන් ඉඩම් අහිමිවූ පිරිස් තමන්ට ලැබීමට නියමිත නව ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලා අද (27) සිය නව ඉඩම් කරා පැමිණියෝය.

දිගන මාබේරිතැන්න ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ ගුවන් තොටුපොල සදහා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මාබේරිතැන්න ගොවිපලේ මෙන්ම ඒ අවට ජනතාවගේ ඉඩම් ලබා ගැනීම ද සිදුවිය. මේ හේතුවෙන් අක්කර 35ක ප්‍රමාණයක් පවරා ගැනණු බවත් පවුල් එකසිය අසූවකට ඉඩම් අහිමිවන බවත් ඉඩම් අහිමිව ඇතැන්වුවන් කිහ.

පසුගිය රජය සමයේ මෙහි සංවර්ධන කටයුතු සිදුවුවත් ආණ්ඩු බලය අහිමිවීමත් සමග ගුවන් තොටුපොල ඉදිකිරීම් කටයුතු ඇණහිටිණි.

ගුවන් තොටුපොල ඉදිකිරීමේ දී ගල් වෙඩි දැමීම ඇතුලු සංවර්ධන කටයුතුවලදී සිය නිවාසවලට දැඩි හානි වූ නමුත් මේ දක්වා තමන්ට නව නිවාස හෝ නිවාස ඉදිකිරීම සදහා ඉඩම් ලබා නොදුන් බව ඔවුන් කීහ. ඉකුත් රජයේ පොරොන්දුව අනුව තමන්ට ලබාදීමට පර්චස් දහය බැගින් නව ඉඩම් සලකුණූ කළ නමුත් වසර දෙකක පමණ කාලයක් ගතවී ඇති නමුත් ඉඩම් ලබා නොදුන් බව කියමින් ඔවුන් අද (27) සිය ඉඩම් සහිත භූමියට පැමිණියෝය.

වල්වැදී තිබුණු තමන්ට හිමිවිය යුතු නව භූමිය ඔවුන් විසින් එළිපෙහෙළි කළ අතර එය නිති විරෝධී යැයි කියමින් මාබේරිතැන්න පශු  ගොවිපලේ කළමණාකාරීත්වය තෙල්දෙණිය පොලීසියට පැමිණිලි කොට තිබේ.

සිද්ධියත් සමග එම ස්ථානයට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා පැමිණ වතු කම්කරුවන් සමග සාකච්ඡාවට එළැඹිණි. ගුවන් තොටුපොල හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට කිසිදු අසාධාරණයක් නොවන බවත් සලකුණූ කර ඇති ඉඩම් ඔවුන්ට ඉදිරියේදි නිසැක වශයෙන්ම ලබා දෙන බව මන්ත්‍රීවරයා ජනතාව හමුවේ කියා සිටියේය.

මන්ත්‍රීවරයා ලබා දුන් පොරොන්දුව අනුව එම ස්ථානයට රැස්වූ දෙසීයකට අධික මහජනයා යළි එළිපෙහෙළිකරමින් තිබූ ඉඩම් අතහැර සිය පැරණි වාසස්ථාන කරා ගමන් කළෝය. නව රජයේ පොරොන්දුවක් අනුව සියලු ජනතාවට ඉඩම් ලබා දෙන බවත් ගුවන් තොටුපල හේතුවෙන් ඉඩම් අහිමිවූ සියලු දෙනා සදහා රජයේ දායකත්වය ලබාදීම සදහා තමන් මැදිහත්වන බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා මාධ්‍ය හමුවේ කීවේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

vlcsnap-2017-03-27-17h10m41s011 vlcsnap-2017-03-27-17h10m55s230 vlcsnap-2017-03-27-17h11m02s485 vlcsnap-2017-03-27-17h11m09s472 vlcsnap-2017-03-27-17h11m28s922 vlcsnap-2017-03-27-17h11m40s273

Check Also

LTTE ආයුධ තොගයක් මුහමාලෙයිහී … බැරල් 56 ක් ටී 56 ටිගර්ගාඩ් 56 ක් 

යුද සමයේදී යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැකකෙරෙන ආයුධ තොගයක් ...