Home / Featured / සවුදියේ ” “ඔලේයා බාබා” රැදවුම් කදවුරේ අපේ කතුන්ට දස වධ දේ …ගෘග සේවය ගිය කතකගේ මළ සිරුරක්

සවුදියේ ” “ඔලේයා බාබා” රැදවුම් කදවුරේ අපේ කතුන්ට දස වධ දේ …ගෘග සේවය ගිය කතකගේ මළ සිරුරක්

සෞදි  අරාබියේ, රියාද් නගරයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය බව කියන මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයට අයත්,සාමිමලේ, ස්ට්රැත්ස්පී තේ වතුයායේ ලොකු සූරියකන්ද වත්තේ තිදරු මවගේ මරණය සැක සහිත බව පවසමින් මිය ගිය කාන්තාවගේ සහෝදරයෙකු විසින් ඉකුත් 25 දා කටුනායක ගුවන්තොටුපළ පොලීසියට පැමිණිළි කර ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ, සුබ්‍රමණියම් පළණියාණ්ඩි කට්පගවල්ලි නැමති 41 හැවිරිදි කාන්තාවකි. මෙම කාන්තාවගේ මළ සිරුර ඉකුත් 25 දා ශ්‍රි ලංකාවට එවා තිබුණි.

මෙම කාන්තාවගේ ස්වාමියා දැනට වසර 09 කට පමණ පෙර ඇය හැර ගොස් ඇත.ඇයට ගැහැණු දරුවන් දෙදෙනෙක් හා එක් පිරිමි දරුවෙක් සිටින අතර ඔවුහූ අවුරුදු 14,13 හා 10 වයස්වල පසුවෙති.

කොළඹ පිහිටි පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් 2015.10.12 වෙනි දින මෙම කාන්තාව විදේශ ගතව ඇත්තේ, තම දරු තිනොගේ අධ්‍යාපන කටයුතු ඇතුලු පවුලේ අය ජීවත් කරවීම සදහාය.

විදේශ ගතවී මාස 06 ක පමණ කාලයක් නිවසේ අය සමග සම්බන්ධතාවය තිබුණ බවත්, සේවය කරන නිවැසේ අයගෙන් නිතර කරදර සිදුවන බව පැවසූ බවත්, අනතුරුව කිසිදු සම්බන්ධතාවයක් නොතිබුණ බව මිය ගිය අයගේ බාල සහෝදරයකු වන පළනියාණ්ඩි පරමසිවම් පවසයි. සවුදි අරාබියේ රියාද් නගරයේ “ඔලේයා බාබා” රැදවුම් කදවුරේ සිට 2016.11.01 වෙනි දින ශ්‍රි ලංකාවේ කාන්තාවකගෙන් “වට්සැප්” පණිවිඩයක් හරහා තම සහෝදරිය අසාධ්‍ය තත්වයෙන් සිට එදින මිය ගිය බව දැන්වූ බවත් පවසන පළණියාණ්ඩි පරමසිවම් , එම මස (08) වෙනි දින ඒ බව සවුදි අරාබියේ රියාද් නගරයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන්ද තහවුරු කරමින් තමන්ට දැන්වූ බවත් කියා සිටී.

ගෘහ සේවය සදහා පැමිණි ශ්‍රි ලංකාවේ කාන්තාවන් කීප දෙනෙක් එම කදවුරේ අසාධ්‍ය තත්වයෙන් සිට මිය ගිය බව එම බව වට්සැප් පණිවිඩයෙන් ලැබුණ බවත් පළන්යාණ්ඩි පරමසිවම් වැඩිදුරටත් සදහන් කරනවා.

මියගිය අයගේ ඥාතීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා අමාත්යාංශයට දැණුම් දීමෙන් අනතුරුව මාස හතර හමාරකට පසුව මළ සිරුර ලංකාවට ගෙනවිත් දී ඇත. මළ සිරුර සමග මරණයට හේතුව ලෙස සවුදි ආරාබි මරණ පරීක්ෂණ වාර්තාවේ හෘද්ධයාබාදයකින් මිය ගිය බව සදහන් කර ඇති බව මිය ගිය අයගේ ඥාතීහූ පවසති.

තම සොහොයුරියගේ මරණය සැක සහිත බව පවසමින් ඒ පිළිබදව සාධාරණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස හා මියගිය අයට හිමිවිය යුතු රක්ෂණ වන්දිය ලබා දෙන ලෙස ඉල්ලමින් කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ සී.අයි.බී. 197/219 යටතේ ඉකුත් 25 දා තමන් විසින් පැමිණිළ්ලක් කළ බව පළනියාණ්ඩි පරමසිවම් පවසයි .

තම දරුවන් තිදෙනා හා පවුලේ ඥාතීන් ජීවත්කරවීම සදහා මැදපෙරදිග ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගොස් මිය ගිය සුබ්‍රමණියම් පළණියාණ්ඩි කට්පගවල්ලි නැමති තිදරු මවගේ වියෝවෙන් ඇගේ දරුවන් හා පවුලේ ඥාතීහූ දැඩි ලෙස අසණව සිටිති.
මිය ගිය කට්පගවල්ලීගේ මළ සිරුර නිවසේ තැන්පත් කර ඇති අයුරුDSC01743

විදේශ ගත වීමට සම්බන්ධ ලිපි ලේඛණ හා පොලිස් පැමිණිළි වාර්තා

DSC01771 DSC01772 DSC01774 DSC01777 DSC01779

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...