මෛත්‍රී විරෝධි සංවිධායකයින් 14 වැනිදා දොට්ට-අවසන් නිවේදනය නිකුත් වෙයි

0

ලබන අප්‍රියෙල් 14 වෙනිදාට පෙර ආසන වල ක්‍රියාකාරිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වැඩ නොකරන සියලුම සංවිධායකවරුන් වහාම ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂයේ මහා ලේකම්වරයා ඇතුලු නිළධාරි හට නියෝග කල බව ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සදහන් කල බව අප දේශපාලන වාර්තාකරු සදහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රීලනිප පළාත් මහා ඇමතිවරුන් අතර පැවැති සාකච්ඡාවේදි එම නියෝගය කර තිබේන අතර ඒ සදහා ශ්‍රීලනිප ආසන මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් මෙන්ම බුද්ධි අංශ හරහා ලබාගත් වාර්තාද සැලකිල්ලට ගෙන තිබේන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ වනවිටත් වැඩ නොකරන අදාළ සංවිධායකවරුන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර තවදුරත් එය නොසලකා කටයුතු කරන සංවිධායකවරුන් වහාම ලබන 14 වැනිදායින් පසුව ඉවත් කර ඒ සදහා නවක සංවිධායකයින් පත්කිරිමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ පැවැත්වෙන සියලුම මහා මැතිවරණ සදහා ඉදිරිපත් වන බවත් ඉතාමත් ඉක්මනින්ම ආණ්ඩුවට ඉතාමත් සුභදායි පළාත් කිහිපයක මැතිවරණය පැවැත්විමටද කටයුතු සුදානම් කර තිබේ.