Home / Featured / රුපියලට එඩ්‍රස් නෑ .. මස්තබාල්දුයි … රටම හතර ගාතෙන් වැටේ …

රුපියලට එඩ්‍රස් නෑ .. මස්තබාල්දුයි … රටම හතර ගාතෙන් වැටේ …

 

2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල යූරෝවලට එරෙහිව සියයට 3.2 කින් ද, ස්ටර්ලින් පවුමට එරෙහිව සියයට 2.8 කින් ද, ජපන් යෙන්වලට එරෙහිව සියයට 5.5 කින් ද, කැනේඩියානු ඩොලරයට එරෙහිව සියයට 1.9 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට එරෙහිව සියයට 6.1 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 4.8 කින් ද අවප්‍රමාණයවී තිබෙනවා.

රුපියල මේ ආකාරයෙන් දිගින් දිගටම අවප්‍රමාණය වීම රටට ආර්ථික වශයෙන් දැඩි බලපෑම් එල්ල කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා.රුපියල කඩා වැටීම නිසා උද්ධමනය ඉහළ ගොස් ජීවන බර වැඩිවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ .

අළුත් අවුරුදු සමය තුළදී මෙවැනි ආකාරයකට මුහුණ දීම නිසා රට සෑම අංශයකින්ම කඩා වැටී අර්බුධ රැසක් රට තුළ ඇති වීමේ අවධානමක් මතු විය හැකි බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා .

ආණ්ඩුවේ අකාර්යක්ෂම සහ විධිමත් වැඩපිළිවෙලක් නොමැතිකම මේ තත්වය ඇති වීමට බලපා ඇති බවද ඔවුන් පෙන්වා දේ .

මේ අතර රුපියල රැක ගැනීම වෙනුවෙන් රජය අමෙරිකානු ඩොලර් මිලියන හාරදහස් තුන්සියක සංචිත නාස්තිකර ඇති බවටද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා. එම වියදම සිදු නොකළේ නම් හම්බන්තොට වරාය විකුණා දැමීමේ අවශ්‍යතාවක් මතු නොවන බව යි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

Check Also

උතුරු-නැගෙනහිර රජයෙන් උදුරා ගත් ඉඩම් වහාම නැවත ලබා දෙනු! -පීඩිත ජනතාව වීදි බසියි

රජය විසින් දේපල පවරා ගැනීම නිසා අයුක්තියට පත් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණයක් ඊයේ (27) ...