SLIITආයතනයේ RoboFest තරගාවලිය වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් අනුග‍්‍රාහය

0

මෙරට උපාධිධාරීන් බිහි කිරීමේ ප‍්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය ලෙසින් සැලකෙන SLIIT ආයතනය විසින් පවත්වනු ලබන RoboFest තර`ගාවලිය සදහා අනුග‍්‍රාහකත්වය සැපයීම වෙනුවෙන් බ‍්‍රැන්ඩික්ස් ලංකා ලිමිටඞ් (Brandix Lanka Limited) සමග ගිවිසුමකට අත්සන් තබයි. බ‍්‍රැන්ඩික්ස් සමූහ මහජන නිලධාරී ඉෂාන් දන්තනාරායන හා SLIITආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරුන් අතර ඊට අදාළ ගිවිසුම් හුවමාරුකර ගැනීම සිදුවිය. බ‍්‍රැන්ඩික්ස් ලංකා ආයතනයේ උපායමාර්ගික අංශයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරේන්ද්‍ර කරුණාකරන්, SLIIT ආයතනයේ ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය අශෝක් පීරීස්, SLIIT Computing හි පීඨාධිපති ආචාර්ය මලිත විජේසුන්දර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

මෙම එක`ගතාවයට අනුව RoboFest තරගාවලියේ ඉදිරි වසර 3ක කාලය ස`දහා ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස බ‍්‍රැන්ඩික්ස් ආයතනය කටයුතු කරනු ඇත.

මෙම එක`ගතාවය වෙනුවෙන් කැපවී කටයුතු කල දෙපාර්ශවයෙහිම සාමාජිකයින්ට ස්තූතිය පිරිනමමින් මහාචාර්ය ලලිත් ගමගේ මහතා ප‍්‍රකාශ කළේ ‘‘ බ‍්‍රැන්ඩික්ස් ආයතනය විසින් දක්වනු ලබන මෙම අනුග‍්‍රාහකත්වය තුළින් අපගේ සිසුන්ට නව තාක්ෂණය සම`ග සම්බන්ධ වෙමින් රොබෝ තාක්ෂණ ක්ෂේත‍්‍රය සම`ග වඩාත් සමීපව කටයුතු කිරීමේ අවස්ථාව උදා වේ. මෙම සහයෝගිතාවය සිසුන්ට නිර්මාණ බිහිකිරීම ස`දහා අවශ්‍ය දායකත්වය සැපයීමට පමණක් සීමා නොවී ඔවුන්ගේ නිර්මාණ ස`දහා අවශ්‍ය වාණිජමය වටිනාකමක් එක් කිරීම ස`දහා ශක්තියක් බවට පත්කර ගැනීම අපගේ අපෙක්ෂාවයි.’’ යනුවෙනි.

SLIIT ආයතනයේ අනාගත සැලසුම් පිළිබ`ද අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් ස`දහන් කළේ ‘‘ අපගේ ඉගෙනීම් කි‍්‍රයාපටිපාටිය තුළට කුසලතා සංවර්ධන වැඩසටහන් එක් කිරීමට අමතරව බොහෝමයක් උසස් අධ්‍යාපන ආයතන අනුගමනය නොකරන පර්යේෂණ හා සමීක්ෂණ (research and development) පිළිබ`දව ද අවධානය යොමු කර තිබේ. ආචාර්ය උපාධිය සහිත මෙරට වැඩිම ආචාර්යවරුන් පිරිසක් අපත් සම`ග එක්ව සිටින අතර ඔවුන්ට තම කණ්ඩායම් සම`ගින් එක් එක් පීඨවලට අයත්ව සිය පර්යේෂණ සිදුකිරීමේ අවස්ථාව පවතී.’’ යන්නයි.

මෙම තර`ගාවලිය වෙනුවෙන් දක්වන සහයෝගිතාවය පිළිබ`ද අදහස් දක්වමින් බ‍්‍රැන්ඩික්ස් සමූහයේ ප‍්‍රධාන මහජන නිලධාරී ඉෂාන් දන්තනාරායන මහතා ප‍්‍රකාශ කළේ ‘‘ ජාත්‍යන්තර වශයෙන් විහිදුනු පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් සේවා සපයන ආයතනයක් ලෙසින් බ‍්‍රැන්ඩික්ස් සමාගම නව්‍යකරණය තර`ගකාරී කඩඉමක් දක්වා රැගෙන යන පෙරගමන්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියි. යම් භාණ්ඩයක් නිර්මාණය, නිෂ්පාදනය හා අලෙවිය දක්වා තාක්ෂණයෙන් අපට පහසුවක් හිමිවේ. තාක්ෂණය පිළිබ`ද පර්යේෂණ හා සමීක්ෂණ සිදුකරන ආයතන හා සංවිධාන වෙනුවෙන් සිය සහයෝගය දක්වනු ලබන්නේ එබැවිනි. SLIIT ආයතනයේ RoboFest තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය දායකත්වය ලබාදෙමින් එහි අනුග‍්‍රාහකත්වය සැපයීමට මෙලෙස ඉදිරිපත් වූයේ එම අරමුණ පෙරදැරිවයි’’ යනුවෙනි.

SLIIT ආයතනයේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අංශය විසින් පාසල් සිසුන් හා උපාධි අපෙක්ෂක සිසුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන RoboFest තරගාවලිය පළමු වරට පවත්වනු ලැබුවේ 2010 වසරේදීය. පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම`ගින් එක් එක් විෂය ක්ෂේත‍්‍රයන්ට අදාළ තරග සදහා ඉදිරිපත් විය හැකිය.
පසුගියදා නිමාවට පත් වූ RoboFest 2013 තරගාවලියේ විශිෂ්ටතම නිර්මාණ 3 අතරින් පළමු ස්ථානය ගාල්ල මහින්ද විද්‍යාලයටත්, දෙවැනි ස්ථානය මාතර ශාන්ත තෝමස් විදුහලට හා තුන්වැනි ස්ථානය කෑගල්ල ශාන්ත මරියා විදුහලටත් හිමිවිය. මෙම ජයග‍්‍රාහකයින් වෙනුවෙන් පිළිවෙලින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සම`ගින් රුපියල් 50000, රුපියල් 25000 හා රුපියල් 10000 බැගින් වූ මුදල් ත්‍යාග ද පිරිනමන ලදී. බණ්ඩාරවෙළ ශාන්ත ජෝසප් විදුහලට හා කුරුණෑගල මලියදේව විදුහල සැනසිලි ත්‍යාග හිමිකර ගැනීමට සමත් විය.

තරගාවලියේ විශ්වි විද්‍යාල අංශයේ පළමු ස්ථානය දිනා ගැනීමට SLIIT ආයතනයේ Intersect 4.0 කණ්ඩායම සමත් වූ අතර දෙවැනි ස්ථානය මහනුවර ICBT කණ්ඩායමට හිමිවිය. තුන්වැනි ස්ථානය හිමිකරගනු ලැබුවේ ද ICBT ආයතනයේ RoboFest කණ්ඩායමයි. ජයග‍්‍රාහකයින්ට පළමු, දෙවැනි හා තුන්වැනි ස්ථාන ස`දහා පිළිවෙලින් රන්, රිදී හා ලෝකඩ පදක්කම් සම`ගින් රුපියල් 65000, රුපියල් 40000 හා රුපියල් 20000 බැගින් පිරිනමන ලදී.

RoboFest තරගාවලිය සදහා බ‍්‍රැන්ඩික්ස් ආයතනය ප‍්‍රාධාන අනුග‍්‍රාහක ලෙස කටයුතු කරන අතරතුර ශී‍්‍ර ලංකා ටෙලිකොම් පුද්ගලික සමාගම, DBG සමූහය, eMarketingEye පුද්ගලික සමාගම, ” Vallibel Power Erathna PLC, සම්පත් බැංකු මාලඹේ ශාඛාව, OREL Solutions පුද්ගලික සමාගම, Toyota Lanka පුද්ගලික සමාගම, DMS Electronics පුද්ගලික සමාගම, බි‍්‍රතාන්‍යයේ Sheffield Hallam විශ්ව විද්‍යාලය සෙසු අනුග‍්‍රාහක භවතුන් ලෙස කටයුතු කරන ලදී.

ඡායාරූප
01 – : (L-R) SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ හා බ‍්‍රැන්ඩික්ස් සමූහ මහජන නිලධාරී ඉෂාන් දන්තනාරායන යන මහත්වරුන් අතර ඊට අදාළ ගිවිසුම් හුවමාරුකර ගත් අවස්ථාව.