Home / ප‍්‍රාදේශිය / බොරු පොරොන්දු එපා….-උපාධිධාරීන්ට ස්ථීර රැකියාවක් දියව්

බොරු පොරොන්දු එපා….-උපාධිධාරීන්ට ස්ථීර රැකියාවක් දියව්

යුද්ධයෙන් පසුව වසර ගණනාවක් පුරාවට මන්නාරම් දිස්ත්‍රීක්කයේ තරුණ තරුණියන් රැසකට රජයේ ස්ථීර රැකියා නොලැබී ඇති හෙයින් එම තරුණ තරුණියන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් මන්නාරමේ රැකියා විරහිත උපාධිධාරීන් ඊයේ (28) විරෝධතාවක නිරත වූහ.

මන්නාරමේ රැකියා විරහිත උපාධිධාරීන් විසින් සංවිධානය කරන ලද අදාල විරෝධතාවයට මන්නාරමේ රැකියා විරහිත සියලුම උපාධිධාරී තරුණ තරුණියන් සහභාගී වී සිටි අතර මන්නාරම් නගර මධ්‍යෙය් සිට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා අදාල විරෝධතාවය පැවත්වුනි.

විරෝධතාවයේ නිරත වූ රැකියා විරහිත උපාධධාරීන් කියා සිටියේ

යුද මානසිකත්වයක් හමුවේ ඉතා අසීරුවෙන් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයක්ද ලබා උපාධිය ලබා ගත්තද මේ වන තුරුත් තමන්ට රැකියාවක් නොමැති වීම දැඩි අසාධාරණයක් බවටත් රජයේ නව රැකියා වැඩසටහන යටතේ මන්නාරමේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට විසඳුමක් ලබා දියයුතු බවටත්ය.

එමෙන්ම මන්නාරමේ බොහෝ ආයතන වල දේශාපාලන මැදිහත් වීම් මත වෙනත් දිස්තීක්ක වල සිට උපාධිධාරීන්ට පත්වීම් ලබා දී රැකියා කටයුතු සිදු කිරීමට අවස්ථාව ලබා දීම මගින් මන්නාරමේ උපාධිය හදාරන බොහෝ පිරිසකට එම රැකියා අවස්ථාවන් නොමැති වීමදැඩි අසාධාරණයක් බවටත් මේ වන විටත් මන්නාරමේ රැකියා විරහිත උපාධිධාරීන් 350 කට අධික පිරිසක් සිටින බවටත්ය.

විරෝධතා කරුවන් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයය ඉදිරිපිටට රැස්වීමෙන් පසුව මන්නාරම් දිසාපති එම්.වයි.එස්. දේශප්‍රිය  රැකියා විරහිත උපාධිධාරීන් කිහිප දෙනෙකු හමු වී ඔවුන්ගේ ඉල්ලීම් ඇතුලත් සන්දේශයක් බාර දෙනු ලැබූ අතර එහිදී මන්නාරම් දිසාපති වරයා විසින් අදාල සන්දේශයන් විෂයභාර අංශ වෙතට යොමු කිරීමට පියව ගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව විරෝධතාව අවසන් විය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

                    

 

Check Also

සවුදියේ ” “ඔලේයා බාබා” රැදවුම් කදවුරේ අපේ කතුන්ට දස වධ දේ …ගෘග සේවය ගිය කතකගේ මළ සිරුරක්

සෞදි  අරාබියේ, රියාද් නගරයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී මිය ගිය බව කියන මස්කෙළිය ...

3 comments

  1. Pretty nice post. I just stumbled upon your weblog and wished to say
    that I have truly enjoyed surfing around your blog posts.
    After all I will be subscribing to your rss feed and I hope you write
    again soon!
    maglietta liverpool

  2. Interesting blog! Is your theme custom made or did you download it from somewhere?
    A theme like yours with a few simple adjustements would really make my blog shine.
    Please let me know where you got your design. Kudos
    Sac Le Pliage Xl Longchamp

  3. TarenCowl Brasilien RenateEdm
    OrenWinds Valencia MyrtleczE
    NellMcGee Schweiz ThadSoile
    BruceFrye Ryssland ShaunteBe
    KatriceSt Juventuss JoellenSi
    KarryKnot Tyskland StaceyOwe
    CharleneD Turkiet MarkoNoac
    Francesco Polen AngelitaH
    MonaLain Manchester United RenaldoCa
    GeorgiaHi Turkiet BryantFul

Leave a Reply

Your email address will not be published. Required fields are marked *