Home / Featured / පවුලේ කිසිවකුටත් ඔටුණු පළඳ වන්නේ නෑ-මගේ කකුලෙන් අදින්නේ රඳළ, ප්‍රභූ, පැළැන්තියේ නොවන නිසාද?

පවුලේ කිසිවකුටත් ඔටුණු පළඳ වන්නේ නෑ-මගේ කකුලෙන් අදින්නේ රඳළ, ප්‍රභූ, පැළැන්තියේ නොවන නිසාද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන බවත් සමස්ත ජනතාව සෞභාග්‍යවත් අනාගතයක් කරා රැගෙන යෑමට අඩිතාලම දැමීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා.

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී ඊයේ (2)පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සම්මේලනයට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ දූෂණ, වංචා සහ සොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් සහ මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතකරමින් සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරන්නේ නම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගතයුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට කිසි සේත් පසුබට නොවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය තමා බාර ගත්තේ පවුලේ කිසිවකුටත් ඔටුණු පැළඳවීමට නොවන බවත් සමස්ත ජනතාව සෞභාග්‍යවත් අනාගතයක් කරා රැගෙන යෑමට අඩිතාලම දැමීමට බවත් අයුතු බලපෑම් කරමින් තම පුතණුවන් වෙත තරුණ බලකායක් හෝ තරුණ සංවිධානයේ තනතුරක් බාරදී නැති බවත් සදහන් කළා.

වංචා, දූෂණ සහ හොරකම් සිදුකරන දේශපාලනඥයන්ට එරෙහිව ගතයුතු තීන්දු තීරණ ගැනීමට පසුබට නොවන බවත් අවංක, ක්‍රියාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බවත් දූෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිත කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරදීමෙන් පසු තමාට එය ඉදිරියට ගෙන යෑමට නොදී බාධා කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් තමා නොයෙන දුප්පත් පවුලකින් දේශපාලනයට ප්‍රවිශිෂ්ට වූ රඳළ, ප්‍රභූ, පැළැන්තියේ නොවන නිසාදැයි ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියා.

වාම ප්‍රගතිශීලි බලවේග ඒකරාශී කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරුණ ජවය ශක්තිය, දැනුම සහ කැපවීම, අධිෂ්ඨානය ඒකරාශී කර ගනිමින් අනාගත ආණ්ඩුවක් පිහිටුවීම හැකි බව ද ජනාධිපතිවරයා පැවැසීය. මේ වසරේ පළාත් පාලන මැතිවරණය පැවත්වීමට හැකියාව ඇතැයි තමා විශ්වාස කරන බවත් එම මැතිවරණය සඳහා තරුණ පිරිස් අපේක්ෂකයන් වී නායකත්වය දී පක්ෂය ජයග්‍රහණය සඳහා කැප වෙන්නැයි ජනාධිපතිවරයා ඉල්ලීමක් කළේය.

Check Also

තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මම-මම හිටියේ 9 වෙනියාට අනිතිමට 12 වෙලා

“එදා මම ගියා නම්, එහෙමත් නැති නම් පසුගිය මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා ...