Home / Featured / එක තැන මළ සිරුරු 03 ක් …අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකුත් සොයා ගැනේ

එක තැන මළ සිරුරු 03 ක් …අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරකුත් සොයා ගැනේ

හැටන් ලංගම බස් නැවතුම්පොළ තුල මගි පරියන්ථයේ අභිරහස් ලෙස මියගිය අයෙකුගේ මළ සිරුරක් හැටන් පොලිසිය මගින් අද (08) උදෑසන සොයා ගෙන තිබෙනවා. හැටන් නගර සභාව මගින් පාලනය කරන හැටන් බස් නැවතුම්පොළේ වැසිකිළි පද්ධතිය භාරව කටයුතු කරන මියගිය අය හැටන් අලූත් ගාල්ල ප‍්‍රදේශයේ පදංචි එස්. ගනේෂන් නැමැති තිදරු පියෙකු බව හදුනා ගෙන තිබෙනවා.

මුහුණේ තුවාලයක් සහිතව බස් නැවතුම්පොළේ මියගිය අයෙකුගේ සිරුරක් තිබෙන බවට ප‍්‍රදේශවාසින් විසින් ලබා දුන් තොරතුරක් මතයි හැටන් පොලිසිය සිරුර සොයා ගෙන ඇත්තේ. කිසියම් පිරිසක් මොහුට පහරදි ඇති බවටද පොලිසියට තොරතුරු ලැබි තිබෙනවා. මෙය ඝාතනයක්ද නැතහොත් මරණයක්ද යන්න පිළිබදව හැටන් පොලිසිය පුළුල් ලෙස පරික්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර ,විහාරකල්ලංචිය ප්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු 3ක් හමු වී ඇති බව අනුරාධපුර පොලීසිය පැවසුවා.

කුඩා දැරිවියන් දෙදෙනෙකුගේ සහ කාන්තාවකගේ මළ සිරුරකුයි එහිදී හමුවී ඇත්තේ.

පවුලේ ආරවුලක් දුර දිග යෑමෙන් දරුවන් දෙදෙනා ළිදට දමා මව ගෙළ වැළලාගෙන ඇති බව පොලිසිය සදහන් කළා. දියණියන් දෙදෙනාගේ වයස අවුරුදු එකහාමාරක් සහ හතරක් වන අතර මවගේ වයස අවුරුදු 35 කී.

( හැටන් ලංගම බස් නැවතුම්පොළ අසළ තිබීයදී සොයා ගත් මළ සිරුර )

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...