Home / Featured / ත්‍රස්තවාදීන්ගේ අවධානය ලංකාවට …රහසිගත ගිවිසුමක ඇමරිකාව සහ ශ්‍රි ලංකාව අවසන් එකගතාවයක

ත්‍රස්තවාදීන්ගේ අවධානය ලංකාවට …රහසිගත ගිවිසුමක ඇමරිකාව සහ ශ්‍රි ලංකාව අවසන් එකගතාවයක

ශ්‍රි ලංකාව සහ ඇමරිකාව අතර ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම සම්බන්ධයෙන් දෙරට අතර පසුගියදා රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව දැන ගන්නට ලැබෙනවා.පසුගිය රජය විසින් ඇමෙරිකාව සමඟ රහසිගතව අත්සන් තබන ලද ආරක්‍ෂක ගිවිසුම මෙම වසරේ අවසන් වීමට නොදී දීර්ඝකර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ගැනීම සම්බන්ධයෙන් මෙහෙදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඇමෙරිකාව සහ ඉන්දියාව යන දෙරට සමඟ ලංකාව සමාන්තර අවබෝධයකින් කටයුතු කිරීම, ආරක්‍ෂක ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීම සහ ඇමෙරිකානු මැරීන් භටයන් සඳහා මේ රටේ පෞරාණික ස්ථාන දැකබලාගෙන පැරණි සංස්කෘතික කටයුතු අධ්‍යයනය කිරීමට ඉඩ සැලැසීම යන කරුණු සම්බන්ධව එහිදී ප්‍රධාන ලෙස සාකච්ඡා කර තිබෙනවා.

පසුගිය මාස 10ක් තුළ ඇමෙරිකාව ලංකාව ආශ්‍රිත ආරක්‍ෂක අභ්‍යාස තුනක් සිදු කර තිබෙන බව මේ අතර හෙළි වී තිබේ.

ආර්ථික, දේශපාලනික සහ යුදමය ක්ෂේත‍්‍රවලදී ඉන්දියාව සහ ඇමෙරිකාව සමඟ සමාන්තර තත්ත්වයෙන් ඉදිරි ක්‍රියාකාරකම්වල යෙදීම පිළිබඳවද අදහස් හුවමාරු කරගෙන ඇත.

මේ අතර දැනටමත් ඇමෙරිකානු මැරීන් සෙබළුන් හට මෙරට පැරැණි සංස්කෘතික කටයුතු අධ්‍යයනය කිරීමට දී තිබෙන අවස්ථාව පුළුල් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු කරන ලද බවද අනාවරණය වේ.

මෙම ගිවිසුම හරහා ඇමරිකානු රාජ්‍ය ආසියානු කලාපයේ රටක් සමග යුද්ධයකට පැමිණියහොත් ඒ සදහා ශ්‍රි ලංකාව විසින් නවාතැන් පහසුකම් , යානා ගොඩ බැස්සවීමේ පහසුකම් සහ ඉන්ධන පහසුකම් ලබා දීමට ශ්‍රි ලංකාව බැදි සිටිය යුතුය.

මේ සම්බන්ධයෙන් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ ,පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක අදහස් පල කළා. ඔහු පෙන්වා දෙන්නේ ඇමරිකාව විසින් ආසියානු කලාපයේ යුද්ධයක් සමග සටන් වැදුණහොත් , අපේ වරායන් , ගුවන්තොටුපළ භූමිය , පරිහරණයට ඒ අයට ලබා දිය යුතු බවයි.
ඇමරිකාව විසින් පකිස්ථානයේ ,ඇෆ්ගනිස්ථානයේ සිටින ISIS,තලේබාන් සංවිධාන වලට ප්‍රහාර එල්ල කිරීමක් සිදු කළහොත් ඒ අය ලංකා භූමිය භාවිතා කරනු ඇති බවටද ඔහු පෙන්වා දෙනවා.

එසේ වීම තුළ නැවත වරක් ශ්‍රි ලංකාව ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්වනු ඇති බවත් , අනුන්ගේ යුද්ධ වලට අප කොටස්කාරයන් නොවිය යුතුයි යන්න ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.වහාම මේ ගිවිසුම සකස් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බවයි ඔහු කියා සිටියේ.
පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ සහ මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබටෝ බ්ලෙක් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ 2007 මාර්තු මස 07 වනදායි. එවකට සිටි කැබිනට් මණ්ඩලය පවා දැනුවත් කිරීමකින් තොරව මේ ගිවිසුම අත්සන් කර ඇති අතරම එම ගිවිසුමේ කාලය තවදුරටත් දීර්ඝ කර ගැනීම සදහා රජය කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් දෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර ඉතා රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණීමට සූදානමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

Check Also

සති ගාණක පටන් මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර පිට ප්‍රහාර … මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ …රජය සීරුවෙන් !

මුස්ලිම් පල්ලි සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගනිමින් රට පුරා විවිධ ප්‍රදේශවල එල්ලවෙන ප්‍රහාර පසුගිය දිනවල ...