Home / ප‍්‍රාදේශිය / දරුවන් දෙදෙනා ළිදට විසි කර මව ගෙළ වැළලාගනී… අනියම් පෙමට ජිවීත 03 ක් වන්දි ගෙවති …

දරුවන් දෙදෙනා ළිදට විසි කර මව ගෙළ වැළලාගනී… අනියම් පෙමට ජිවීත 03 ක් වන්දි ගෙවති …

තම දියණියන් දෙදෙනා ළිදකට දමා ඝාතනය කර මව ගෙල වැළලාගෙන සිය දිවි හානි කර ගෙන තිබෙන පුවතක් අනුරාධපුර විහාරපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් අදාළ කාන්තාව මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා .වයස අවුරුදු 35 ක් වන මෙම කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවකී . ස්වාමි පුරුෂයා නාවික හමුදාවේ සේවය කරන අතර තම මරණයට ස්වාමි පුරුෂයා වග කිව යුතු නැති බවත් තමා කාලයක පටන් මානසික රෝගයකින් පීඩා විදී බවත් ඒ බව තම ස්වාමියා කිසිවක් නොදන්නා බවද ඇය ලිපියක් ලියා තබා මෙලෙස ජිවීතයට හානි කර ගෙන තිබෙනවා.

දියණියන් දෙදෙනාගේ වයස අවුරුදු එකහාමාරක් සහ හතරක් වන අතර ඇයට අවුරුදු 07 ක පුතෙක්ද සිටිනවා.රාත්‍රි නින්දට යෑමෙන් පසුව නින්දේම සිටී තම දියණියන් දෙදෙනා ළිදට විසි කර දමා ඇය සිය දිවි හානි කර ගෙන ඇත්තේ තම 07 හැවිරිදි පුතුට කිසිදු හානියක් සිදු නොකරමින්.

Check Also

LTTE ආයුධ තොගයක් මුහමාලෙයිහී … බැරල් 56 ක් ටී 56 ටිගර්ගාඩ් 56 ක් 

යුද සමයේදී යුද හමුදා ප්‍රහාර හමුවේ පසු බසින ලද කොටි සංවිධානයේ බවට සැකකෙරෙන ආයුධ තොගයක් ...