Home / Featured / බිත්තියට ගැසු ඇණය දිගේ ආ මාරයා-යාපනයේ අඹු සැමි යුවල මරුට

බිත්තියට ගැසු ඇණය දිගේ ආ මාරයා-යාපනයේ අඹු සැමි යුවල මරුට

යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අලුත් අවුරුද්දට නවස අලංකාර කිරීමට යාමේදී විදුලිසැර වැදීමෙන් ඊයේ (08) අඹුසැමි යුවලක් මිය ගොස් ඇති බවට චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

මියගොස් ඇති යුවල චුන්නාකම්හි පිංදිංචි කරුවන් වන අතර ඊයේ උදෑසන සැමියා විසින් නිවස විදුලි බුබුලු වින් අලංකාර කිරීම සඳහා නිවසේ බිත්තියට ඇණයක් ගැසීමට උත්සහ දරා ඇති අතර අදාල ඇණය බිත්තියේ ඇතුලත ඇද තිබූ විදුලි රැහැණට සම්බන්ධ වීම නිසාවෙන් විදුලි සැර පළමුව සැමියට වැදී ඇති අතර සැමියා අත තිබූ කම්බියක් බිරිඳ අතද තිබීමෙන් බිරිඳටද විදුලිසැර වැදී දෙදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ සැමියා එන්.ගුණදාසන් හා බිරඳ වූ මාග්‍රට් ජෝර්ජ් සුගන්දි යන අය වන බවට සිද්දිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන චුන්නාකම් පොලීසිය කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

 

Check Also

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ වහාම මහනායක හිමියන්ට දෙනවා

ව්‍යවස්ථාව පිළිබඳ අනු කමිටුව විසින් ඉදිරිපත් කළ ලියවිල්ල ව්‍යවස්ථාදායක සභාව සඳහා පමණක් බවත් එය සභාවේ ...