වව්නියාව පත්තියාර් මයිලන්කුලම් ප්රදේශයේ නව නිවසක් ඉදිකිරීමට යාමේදී පොළව හාරන අවස්ථාවේදී වලදමා තිබූ මෝටාර් බොම්බයක් ඊයේ (09) නිවසියන්ට හමු වී ඇති බවට වව්නියාව පොලීසිය කියා සිටියේය.
නිවෙස් හිමියන් විසින් නව නිවස ඉදිකිරීමට පොළව හාරන අවස්ස්ථාවේදී අදාල මෝටාර් බෝම්බය මතු වී ඇති අතර පසුව නිවැසියන් විසින් ඒ බව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් පසුව වව්නියාව පොලීසිය විසින් අදාල ස්ථානයට පැමණ මෝටාර් බෝම්බය ඉවත් කොට ඇත.
පසුව වව්නියාව අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත අදාල මෝටාර් බෝම්බය නිශ්ක්රීය කිරීමටද පියවර ගෙන ඇති අතර යුද සමයේදී කොටි සංවිධානය විසින් මෙම මෝටාර් බෝම්බය වල දමන්නට ඇති බවට වව්නියාව පොලීසිය සැක පල කර සිටියි.
මෝටාර් බෝම්බය හමු වූ නිවස හා නව නිවස ඉදිකිරීමට පොළව කැපීමේදී මෝටාර් බෝම්බය මතුව තිබූ අයුරු
(වන්නි රොමේෂ් මධුශංඛ )