Home / Featured / මීතොටමුල්ල කුණු කන්දට යටවි 10ක් මරුට -නිවාස 100 කට පමණ හානි

මීතොටමුල්ල කුණු කන්දට යටවි 10ක් මරුට -නිවාස 100 කට පමණ හානි

ඊයේ (14) ප.ව 3.00 ට පමණ කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි කසල බැහැර කිරීමේ ස්ථානයේ විශාල කුණුගොඩෙක කොටසක් නාය යැමෙන් අනතුරට පත්වු ජනතාව අතර 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.නායයෑම හේතුවෙන් ජනතාව පදිංචිව සිටි නිවාස රැසක් යටවී ඇති අතර ඒවායේ වාසය කළ අය අතුරුදන්ව නිවාස හානිද සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඒ අතර කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් හතරදෙනෙකු වන බවයි. ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමයින් හතරදෙනෙකු ද වන බව සඳහන්.

නාය යාමට ලක් වූ කොළොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද යට තවමත් බොහෝ දෙනෙකු සිර වී සිටින බව ප්‍රදේශවාසීහු පවසන අතර අනතුරට ලක්වූවන් පිළිබඳව තොරතුරු සොයා බැලීම සහ සහන සේවා ඇතුළු ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳව විමසීම පිණිස 117 දුරකථන අංකය දිගටම ක්‍රියාත්මක වේ.

ත්‍රිවිධ හමුදාවේ 500 කට ආසන්න බලඇණියක් ඇතුළු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ගිනි නිවන හමුදාව සහ සහන කණ්ඩායම්ද ඊට එක්ව සිටින බව අප වාර්තාකරුවන් සදහන් කළා.

Check Also

තව පොඩ්ඩෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මම-මම හිටියේ 9 වෙනියාට අනිතිමට 12 වෙලා

“එදා මම ගියා නම්, එහෙමත් නැති නම් පසුගිය මැතිවරණයෙන් මම ජයග්‍රහණය කළා නම් ශ්‍රී ලංකා ...